Saturday, September 21, 2024

20 යි 20 : පළමු පෙරළිය ස්කොට්ලන්තයෙන් – ලංකාව අද තරග බිමේ

Must read

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ දෙවන තරඟය ජයගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් විය. ඒ, බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 6කින් පරාජය කරමිනි.   මෙම තරගය ඊ කාණ්ඩය යටතේ පැවැත්වුනේ ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේය.  

පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 09 ක් දැවී ලකුණු 140 ක් රැස් කළේය.    ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් එහිදී ක්‍රිස් ග්‍රීව්ස් ලකුණු 45ක් රැස්කළ අතර ජෝර්ජ් මුන්සි ලකුණු 29ක් රැස් කිරීමට සමත්විය.   මෙහිදී ස්කොට්ලන්ත ඉනිමේ කඩුලු 2ක් දවා ගනිමින් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට බංග්ලාදේශයේ ශකිබ් අල් හසන් ඊයේ සමත් වුණි.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 තුළ රැස්කළ හැකිවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 134ක් පමණි.   අවසන් පන්දුවාරයේදී බංග්ලාදේශ කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා ලකුණු 24 ක් ලබාගත යුතුව තිබු අතර කෙසේවෙතත් ඔවුන්ට එම පන්දු වාරයේදී ලබාගත හැකිවූයේ ලකුණු 17 ක් පමණි.   

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මුෂ්ෆිකුර් රහීම් ලකුණු 38ක් රැස්කළ අතර නායක මහමුදුල්ලා ලකුණු 23ක් රැස්කළේය.   පන්දු යැවීමේදී ස්කොට්ලන්තයේ බ්‍රැඩ්වීල් ලකුණු 24 කට කඩුළු 03 ක් දවා ගැනීමට සමත්විය.    මේ අනුව බංග්ලාදේශ කණ්ඩායම 20 යි 20 තරග පිටියේ ස්කොට්ලන්ත කණ්ඩායම සමග පැවැති තරග 02 ම මේවනවිට පරාජයට පත්ව ඇත. 

මේ අතර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ සහභාගී වන පළමු තරගය නැමීබියා කණ්ඩායමට එරෙහිව අබුඩාබි හිදී අද පැවැත්වේ.   A කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 07 යි 30 ට ආරම්භ වීමට නියමිතය.   

328841
328843
328857
328853
328849

www.theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)