Sunday, September 22, 2024

13 ට එරෙහිව යාපනේ විරෝධතා

Must read

දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් කෙරෙහි විසදුමක් නොවන, ඉන්දියාවේ උවමනාව මත යළි ක්‍රියාත්මක කිරීමට සැරසෙන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව උතුරේ ක්‍රියාත්මක විරෝධතා රථ පෙළපාලිය අද යාපනයට ලගාවි තිබුණි.

ඉන්දු-ලංකා ගිවිසුම ප්‍රකාර ගෙනෙන ලද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂවල අදහස වී ඇත්තේ දෙමළ ජනතාව පෙලන හමුදාකරණය ඇතුළු මානව විරෝධී කටයුතු පසු බැස්වීමට ඉන්දියාව හවුල් කරගැනීම අත්‍යාවශ්‍ය බව දි ලිඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි..

තිලිපන් සමරු ස්මාරකය අසල පැමිණි විරෝධතා ගමන …



ඒකීය රාජ්‍යය යටතේ ක්‍රියාත්මක කෙරෙන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතික්ෂේප කරමින් පෙඩරල් විසඳුමක් සදහා බලපෑම් කිරීම අරමුණු කොට වව්නියාවෙන් ආරම්භ කරන ලද තුන්දින රථ යාත්‍රාවක් අද [30] යාපනය නල්ලුර්අඩි ප්‍රදේශයෙන් අවසන් කිරීමට නියමිතය.

රථ පෙළපාලිය සංවිධානය කළ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) එහිදී මහජන විරෝධතාවයක්ද පැවැත්විමට නියමිතය.


- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)