Saturday, September 21, 2024

ෆේස් බුක් පින්තුරයක් නිසා මාස 16 ක් හිරේ හිටපු මාධ්‍යවේදියෙක්ට ඇප …

Must read

යුද්ධයෙන් පිඩාවට පත් මව්වරුන්‌ගේ ඡායාරූපයක් ෆේස් මගින් බෙදාහැරිමට කටයුතු කර තිබු මාධ්‍යවේදියෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන පසුගිය මාස 16ක කාලයක් රඳවාගෙන සිටිමෙන් අනතුරුව ඊයේ දිනයේ ඇප මත නිදහස් කර තිබුණි.
මේ අනුව මඩකලපුව – කින්නයාඩි වාලච්චේන ප්‍රදේශයේ මාධ්‍යවේදී එම්.ගෝකිලදාසන් (38) ඊයේ (7) වාලච්චේන දිසා මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.

2020.11.28 වැනි දින වාලච්චේන පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන වාලච්චේන දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. මාස 16 කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු නීතිපතිවරයාගේ උපදෙස් මත රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.

මාසයේ අවසන් ඉරිදා දිනයේ වාලච්චේන පොලිස් ස්ථානයට ගොස් පෙරවරු 9 ත් 12 ත් අතර අත්සන් කළ යුතු බවට ද අධිකරණය නියම කළේය.

කොළඹ මානව හිමිකම් සහ සංවර්ධන මධ්‍යස්ථානය විසින් ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා මෑතකදී පිහිටුවන ලද අගවිනිසුරු අශෝක ද සිල්වා යටතේ පිහිටුවන ලද උපදේශක මණ්ඩලය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබුනි.
එම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව නිදහස් කිරීමට හෝ ඇප මත මුදා හැරීමට තීරණය කර තිබුන අතර . සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ.එස්.රත්නවෙල් සහ නිතිඥ රනිතා ඥානරාසා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදේශක මණ්ඩලය හමුවේ පෙනී සිටි ඇත.

මාධ්‍යවේදී එම් ගෝකිලදාසන් නිදහස් කිරීම සඳහා මාධ්‍ය සංවිධාන, ප්‍රජා මට්ටමේ සංවිධාන, පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා ජනතා නැගිටීමේ ව්‍යාපාරය ආදී විවිධ සංවිධාන ඉදිරිපත් වී කතා කිරීම විශේෂත්වයකි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)