Sunday, September 22, 2024

ෆේස් බුක් එකට මුවාවි නැගෙනහිර ක්‍රියාත්මක පොලිස් මර්ධනය දිගටම ..

Must read

“මම ප්‍රභාකරන්ගේ පින්තූරයක් අගමැතිවරයාගේ ෆේස්බුක් පිටුවට උඩුගත ක’ළොත් අගමැතිවරයාව පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවායදැයි විමසීමට මම කැමතියි” යැයි ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් රසපුත්තිරන් සානක්කියන් ප්‍රශ්නය කර තිබේ.

මන්ත්‍රිවරයා විසින් මේ ප්‍රශ්ණය රට හමුවේ තැබිමට මුල්ව ඇති හේතුව වි තිබුනේ නැගෙනහිර පළාතේ සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙකු පොලිසිය විසින් ත්‍රස්තවාද වැළැක්විමේ පණත යටතේ අත්අඩංගුවට ගෙන තිබිම හේතුකොට ගෙනය.

දෙමළ ජනයා දැනුවත් කිරීමේ සංවිධානයේ නායක මොහාන් එරාවූර් පොලිස් විසින් අත්අඩංගුවට ගෙන තිබුන හේතුව ගැන මන්ත්‍රිවරයා විසින් පවසා තිබුනේ ව්‍යාජ මුහුණු පොතක් හරහා මෝහාන්ගේ මුහුණු පොතට ප්‍රභාකරන් පිළිබද සටහන් තබා තිබිම සම්බන්ධයෙන් වු සිදුවිමක් නිසා බවය.

රට තුළ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි කියන සාරා නම් කාන්තාවක් පවා සොයා ගැනීමට නොහැකි වූ ශ්‍රී ලංකා පොලිසිය ෆේස් බුක් පිටුවකට වෙනත් අයෙකු විසින් දැමු පොස්ටුවක් නිසා අත්අඩංගුවට ගෙන නඩු පවරමින් සිටීනේ යැයි කියා සිටි
එය මෙම ආණ්ඩුවේ නොහැකියාව වසන් කිරීමේ වැඩපිළිවෙළක් ලෙස දැකිය යුතුය යනුවෙන්ද මන්ත්‍රවරයා විසින් අවධාරණය කර තිබෙන බව බැටි නිව්ස් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

පොට්ටුවිල් සිට පොලිකැන්ඩි දක්වා අරගලයේදී දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කළ දෙමළ දැනුවත් කිරීමේ ව්‍යාපාරයේ නායක මොහාන් වහාම නිදහස් කළ යුතු බව දමිල ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රි රාසමානික්කම් රසපුත්තිරන් සානක්කියන් පවසා තිබේ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)