Sunday, September 22, 2024

හිටපු TNA මන්ත්‍රි කොරෝනා ආසාදිතව මිය යයි !

Must read

දෙමළ ජාතික සංධානයේ හිටපු මන්ත්‍රී කේ. තුරෙයිරත්නසිංගම් කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් අභාවප්‍රාප්ත වී ඇත.කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඔහු ඊයේ මියගොස් ඇති අතර මියයන විට ඔහු 80 හැවිරිදි වියේ පසුවිය

2002 සිට 2010 දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

කොවිඩ් ආසාදිතව මියගිය දෙවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේද ඔහුය.හිටපු කථානායකවරයෙකු වූ විජමු ලොකුබණ්ඩාර මහතා ද පසුගිය දා කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත විය.

මේ මිය යාම පිළිබදව සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් කොරෝනා ආසාදිතව කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය කේ. තුරෙයිරත්නසිංගම් මන්ත්‍රිවරයාට කන්තලේ රෝහලේදි නිසි ප්‍රතිකාර පවා ලැබි නොමැති බවය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)