( 1.15 pm ) හලාවතින් කොරෝනා ආසාධිතයින් 4 දෙනෙකු හමුවි ඇති බව පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
මෙම ආසාධිතයින් සි දෙනා හලාවත මත්ස්‍ය වෙළද පොළ ආශ්‍රීතව සිදුකර තිබු ජෛව පටල සාම්පල පරික්ෂාවකින් සනාථ වි ඇති බව සෞඛ්‍ය අංශ සනාථ කර ගෙන තිබේ.
මෙසේ හමුවු කොවිඩ් 19 ආසාධිතයින් සිව් දෙනා මැදවත්ත එක් අයකුද මුගුණවටවන එක් අයකු ලෙසත් හලාවත වැල්ල දෙදෙනෙකු ලෙසද වාර්තා වි ඇති බව කියයි.

මේ අතර හලාවත මෙම සිදුවිම ගැන සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබන ප්‍රාදේශිය මාද්‍යවේදි ප්‍රසාද් පුර්ණිමාල් හලාවත නගර සභාවේ දේශපාලන අධිකාරියට චෝදනාවක් එල්ල කර ඇත්තේ මාළු වෙළද සැල කල් ඇතිව වසාදැමිමට පියවර නොගැනිම පිලිබදවය.
කෙසේ වෙතත් ඔහුගේ සටහනක දැක්වෙන්නේ මේ වන විට මාළු වෙළද සැල වසා දමා ඇති බවයි
