උතුරු නැගෙනහිර ජනයා යුද්ධයේ අවසන් අදිරයේදි තමන්ගෙන් උදුරාගත් අදරැතියන් සමරති.
ඒ දිනය මැයි 18 වෙනිදා ලෙසද ඔවුන් නම් කර තිබේ.
මළවුන් සැමරිමට ඉඩ නොදෙන ලෙස පොලිසිවලින් කර තිබුණ ඉල්ලිම අවසන් වශයෙන් අද දිනයේ මුලතිව් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරමින් නිරෝධායන නීතිවලට යටත්ව පැවැත්විමට අවසර ලබා දි තිබේ
උතුරේ දරුවන් දහස් ගණනකගේ මනස් පැදු ප්‍රැන්සිස් ජෝශප් පියනම යාපනය ශා. ප්‍රැට්ට්‍රික් විදුහලේ වැඩිම කාලයක් සේවය කළේය.
යුද්ධයේ අවසන් කාලය තුල ඔහුද ඒ ජනතාව සමගින් පියනැගුවේය.
යුද්ධය අවසන්ව ජනයා යළිත් රජයේ පාලන ප්‍රදේශයට පැමිණෙමින් තිබියදි ප්‍රැන්සිස් ජොශප් පියතුමන් ඇතුලු විශාල පිරිසක් හමුදාවට භාරවි තිබුණි.
ඒ 2009 මැයි මාසයේදිය.
එහෙත් අදටත පියතුමාට සිදුවුයේ කුමක්දැයි එදා සහ අද පාලකයන් අසමත්ය.
පාස්කු ප්‍රහාර හමුවේ යුක්තිය ඉල්ලා මොර ගසන දකුණේ සභා නායකයන් තමන්ගේ සහෝදර පියතුමෙකු හමුදාවට භාරවිමෙන් පසුව අතුරුදන්විම ගැන කිසිදිනක විමසා ඇතැදැයි අප නම් නොදනිමු..
ඒ දකුණේ කිතුණු නායකන්ගේ හෘද සාක්ෂියේ දිග පළලයි