Sunday, September 22, 2024

හමුදාකරණ සැලසුම් නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් අවුලේ

Must read

අධ්‍යාපනය හමුදාකරණය කිරීමට විරෝධය පාමින් මාර්ගගත දේශන වලින් ඉවත් වී ගුරු සංගම් ආරම්භ කළ වෘත්තීය ක්‍රියා මාර්ගයට දිවයිනේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේද සහාය හිමිව තිබේ. කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනතට විරෝධය දක්වමින් ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරු ජුලි 28 බදාදා දිනයේ මාර්ගගත දේශන සහ වැඩසටහන්වලින් ඉවත් වන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසන්නේ.  

මාර්ගගත දේශනවලින් ඉවත් වීම සංඛේතාත්මක එක්දින විරෝධයක් ලෙස ක්‍රියාත්මක කරන නමුත් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවේ පරාජය කිරීමට නොහැකි වී පාරට ගෙනයෑමට සිදුවුවහොත් අවශ්‍යතාව අනුව විරෝධය දීර්ඝ කරන බවයි  විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති    මහාචාර්ය ශාම බන්නැහැක  පවසන්නේ.    

  මාර්ගගත දේශනවලින් ඉවත්වීමට සමගාමීව සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල  මූලිකකරගෙන අධ්‍යන, අනධ්‍යයන සහ ශිෂ්‍ය ප්‍රජාව සම්බන්ධ කරගනිමින් අද දිනයේ දහවල් විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමටත් එම සම්මේලනය කටයුතු කර තිබේ.

218400108 1816832528500659 1853056837370983841 n

      “අධ්‍යාපන මිලිටරීකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය” විසින් ජුලි 27 අගහරුවාදා  කොළඹදී මාධ්‍ය හමුවක්  ද කැදවා තිබු අතර ඒ සදහා ඒ සදහා දිවයිනේ ප්‍රමුඛතම වෘත්තිය සමිති 67 ක සහාය ලැබී තිබු බව අගනගරයේ වාර්තාකරුවෝ පවසති.    

  ගුරු සටන අඛණ්ඩව:    

ගුරු- විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බල කිරීම හා අධ්‍යාපනය හමුදාකරණය කිරීමට එරෙහිව අදත් දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකම ගුරු විරෝධතා දියත් කර තිබුනි.   අගමැති මහින්ද රාජපක්‍ෂ හා ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ඊයේ පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ජාවේදී නිසි විසදුම් නොලැබීම නිසා වෘත්තීය අරගලය දිගටම පවත්වාගෙන යෑමට ගුරු- විදුහල්පති වෘත්තිය සමිති තීරණය කළේය.  

අධ්‍යාපන  ගැටළු සහ ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය නොවිසදීමට එරෙහිව හඩ නගන ගුරු විදුහල්පති වෘත්තිය සමිති නායකයන් මර්දනයට විරෝධය පෑම සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කරමින් නිදහස් අධ්‍යාපන අයිතිය කප්පාදු කිරීමට එරෙහිව ගුරු, විදුහල්පති වෘත්තිය සමිති ජුනි 12 වැනිදා සිට දීප ව්‍යාප්තව ආරම්භ කළ මාර්ගගත ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ද මේ වන විටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවති.
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)