Saturday, September 21, 2024

සෞඛ්‍ය නීති අනුගමනය නොකළ මාරවිල ආයතනයකට දැඩි අවවාද ?

Must read

කොරෝනා තත්වය කොයිතරම් නම් මරාන්තික බව රටපුරා ඇති යථාර්තය විසින්ම පෙන්වා දෙමින් තිබුණද බොහෝ ආයතන සිය සේවකයන්ගේ ජිවිත වල ඇති අවධානම ගැන සිතා මේ මොහොතේ කටයුතු කරන බවක් නොපෙනේ.

ආර්ථිකමය ව්‍යාපාරික කටයුතු සිදුකළ යුතුව ඇත්තේ දැඩි විනයගත සෞඛ්‍ය ප්‍රතිපදාවන් තුලය. එසේ නොවි ලැබෙන ලිහිල යනු විනාශයක්මය.



මාරවිල පොලිස් වසමේ හත්තිතිය ප්‍රදේශයේ පවත්වාගෙන යන පොල් ආශ්‍රිත ද්‍රව්‍ය අපනයන කර්මාන්ත ශාලාවක සේවකයන් නියමිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකරමින් එහි සේවයේ යෙදෙන බවට මාරවිල පොලිසියට ලද තොරතුරක් මත පසුගියදා මාරවිල පොලිසියේ නිලධාරීන් විසින් කර්මාන්ත ශාලාව පරීක්ෂාවට ලක් කරන ලද බව දිණිමිණ වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

මේ කර්මාන්ත ශාලාවේ සේවකයන් දෙසීයකට අධික සංඛ්‍යාවක් සේවය කර තිබේ. මෙහිදී නියමිත පුද්ගල දුරස්ථභාවය, මුඛ ආවරණ නිසි ලෙස පැලඳීම ආදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද උල්ලංඝනය කරමින් සේවකයන් සේවයේ යෙදී සිට ඇත. එම සේවකයන්ට දැඩි ලෙස අවවාද කර ඇති අතර මෙසේ සෞඛ්‍ය නීති රීති පිළිනොපැද ඉදිරි දිනවලදී සේවකයන් සේවයේ යෙදී සිටියහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනා බවට එහි කළමනාකරුට ද පොලිස් නිලධාරීන් දැඩි ලෙස අවවාද කර ඇති බව එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

මින් පෙනි යන එක් කරුණක් වන්නේ අද රටපුරා සිය ගණනින් වාර්තා වන ඇතැම් කම්හල් වල පවා අදාල සෞඛ්‍ය නීති රිති සැබැවින්ම ක්‍රියාත්මකව තිබුනේ ද යන්නයි.
මේ ගැන දැඩිව අදාල සියළු අංශ කල්පනා නොකරන්නේ දැනටමත් අප හමුවේ ඇති මේ බියකරු තත්වය කිසිදා නිමාකර ගත නොහැකි වනු ඇත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)