Sunday, September 22, 2024

සෞඛ්‍ය අංශ වලින් රතු එළියක් ! දැඩි සත්කාර ඇදන් පිරෙයි…

Must read

මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රෝහල් තුළ කොවිඩ් වෛරස ආසාදිතයින් ප්‍රතිකාර කිරීම සදහා වෙන්කර ඇති දැඩි සත්කාර ඇදන් 70න් 52ක්ම මේ වන විට පිරී ගොස් ඇති බව සෞඛ්‍ය අංශ විසින් දැනටමත් පවසා තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොවිඩ් 19 පිළිබද රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්ඩානි මහතා පැවසුවේ පසුගිය කාල සීමාවට වඩා මෙම කාලයේදී ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේද යම් වර්ධනයක් පෙන්නුම් කරන බවය.

එමෙන්ම මෙරට රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම කොවිඩ් රෝගීන් සදහා 15,000ක ඇදන් ධාරිතාවයක් පවතින අතර, ඉන් 30%ක පමණ රෝගීන් ගිලන්ව ප්‍රතිකාර ලබන බව වෛද්‍යවරයා පෙන්වා දි තිබුණි.

ඔමික්‍රොන් වෛරස ප්‍රභේද ව්‍යාප්තිය හමුවේ කොවිඩ් මර්ධන එන්නත්කරණයට යොමුවීම ඉතා වැදගත් බව ද එන්නත්කරණයට යොමු වන ලෙසට වෛද්‍ය අන්වර් හම්ඩානි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අධික ලෙස බෝවන Omicron ප්‍රභේදය හේතුවෙන් රට තුළ COVID-19 ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද (GMOA) අද අනතුරු ඇඟවා තිබුණි .

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොලඹගේ පැවසුවේ දිගු සති අන්තයේ ජනයා රැස්වෙන අවස්ථා රැසක්ම තිබිම හේතුවෙන් ඉදිරි සති දෙක තුළ දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි. GMOA පවසන පරිදි Omicron ප්‍රභේදය හේතුවෙන් ලොව පුරා ආසාදනය විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර, විශේෂයෙන් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ කැනඩාව යන රටවල ආසාදනවල වැඩිවීමක් ශ්‍රී ලංකාවේ ද දක්නට ලැබෙන බව GMOA පවසයි. එබැවින් උත්සව නිවාඩුවෙන් පසු ජනතාව තම එදිනෙදා කටයුතුවලට යොමුවන බැවින් මේ දිනවල අවධානයෙන් පසුවන ලෙස රජයට සහ ජනතාවට උපදෙස් දෙන බවද ඔහු පැවසීය. අධික ලෙස බෝවන Omicron ප්‍රභේදය හේතුවෙන් ආසාදන සංඛ්‍යාව ඉහළ යාමේ හැකියාවක් පවතී. එබැවින් දරුවන්ට එන්නත් ලබාදීමට උනන්දු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙමාපියන්ට සහ ගුරුවරුන්ට උපදෙස් දී ඇත.
මේ අතර මාධ්‍ය වාර්තා කර තිබුනේ රටපුරා ජනයා කොවිඩ් අවදානම නොතකා සමුහ වශයෙන් රැස්වෙන් අවස්ථාවන් වැඩිවෙමින් පවතින බවය.
.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)