Saturday, September 21, 2024

සිරස සජ්ඣායනා ඉවරයි!

Must read

සිරස සජ්ඣායනා වැඩසටහන කියන්නේ මං ඉතා ආසාවෙන් මුල සිටම නැරඹූ වැඩසටහනක්. ඒකෙ පරහක් හැටියට තිබ්බෙ ආදිත්‍යාගෙ මූණ සහ වැඩසටහන් මෙහෙයවීමේ විලාසය විතරයි. මං මෙහෙම කීවම ‘ආධූනිකයින් දිරි ගන්වන්න ඔ්න’, ‘කුහක වෙන්න නරකයි’ වගේ කතා ඇහෙන්න පුළුවන්. ඒ්ත් ආදිත්‍යා වඩාත් දක්ෂ ගායනයට මිස පූරක භූමිකාවට නෙවෙයි. සම්පත් දායකයින් ලෙස සහභාගි වන ජ්‍යෙෂ්ඨ, වයෝවෘද්ධ පුද්ගලයින් පිළිබඳ ඇයට පවත්නා අවබෝධය අවම වීම පිළිගන්න පුළුවන්. ඒ්කට තමා වැඩසටහන් නිෂ්පාදකයෙකු සහ පෙළ රචකයෙකු ඉන්නෙ. මං කියන්නේ එහෙව් අය සමග කතා බහ කරන විට අත්දැකීම් අඩුවීම නෙවෙයි. ඒ් මුහුණ සතුටුදායක සාමීචි අවස්ථාවක වුවත්, අතිශය සංවේදී කාරණයක වුවත්, විස්මය දනවනසුලු කරුණකට අදාළව වුවත් එකම ස්වරූපයක් ගැනීම ගැනයි. තේරෙන සිංහලෙන් කීවොත්, ඒ් මුහුණේ භාව ප්‍රකාශනයක් නැති තරම්. එකම එක වියළි හිනාවක් පමණක් ‘කෝකටත් තෛලය’ සේ ප්‍රකාශමානවීමයි. ඒහෙත් ඇය ගායන ශිල්පිණියක ලෙස ඉතාම විශිෂ්ටයි. ඇය ගායනා කළ හැකි ස්වර පරාසය ඉහළයි. විවිධාංගීකරණයෙන් යුතුයි. ආවාසනාවට ඇය ගැන කතා කළ බොහෝ දෙනා කතා කළේ, ඇය විසින් අවධානය යොමු කළ යුතු එකී සන්නිවේදක කුසලතාවන් ගැන නොව අඳින ඇඳුම ගැන පමණක්වීම ඛේදවාචකයක්. ඒ්ත් සමස්ත සජ්ඣායනා වැඩසටහන පුරාවටම මගේ නෙත් සිත් පැහැරගත් ගායන ශිල්පිණිය වුණේ එරන්දි. ඒ හඬටත්, හැඟීම් පිටාර ගලන මුහුණටත්, සැහැල්ලු ආදරණීය හිනාවටත් සම කළ හැකි වෙනත් කවුරුත්ම හිටියෙ නෑ.

දැන් මේ වැඩසටහන ‘සිරසේ පුරුදු මාර්කටිං’ මාදිලියේම දිගුවක් විදිහට ප්‍රසංගයක් බවට පරිවර්තනය වෙලා. ඒ්ක වෙනම කාරණයක්. මේ වැඩසටහන් මාදිලියේම මුල සිටම ව්‍යුහාත්මක ගැටලුවකට උත්තරයක් තිබුණා. ඒ් තමා තමන් විසින් ‘රියැලිටි’ තරු හැටියට වේදිකාවට නග්ගවා, වසර ගණනාවකට වෙනත් කිසිදු ස්වාධීන නිර්මාණයක්, වෙනත් ආයතනයක් සමග කරන්නට බැරි තැනට ගිවිසුම් ගස්සවා, අතපය බැඳ එළියට දාන නවකයින්ට තවදුරටත් ප්‍රේක්ෂකයින්ට අමතක නොකර යළි යළිත් මාර්කට් කිරීමේ අවස්ථාව ලබා ගැනීම. මේක නවකයාත්, ආයතනයත් දෙකම රැකෙන වැඩක්.

දෙවනුව ‘රියැලිටි’ ගී තරුවලටත්, ඒ්වා ඉදිරිපත් කරන නාලිකාවලටත් පොදුවේ නැඟෙන එක් සම්ප්‍රදායික විරෝධයක් වන්නේ, ‘මේ අය කියන්නේ පරණ අයගෙ සිංදු. ඒ් නිර්මාණවල සැබෑ හිමිකාරයින්ට වටිනාකමක් දෙන්නෙ නෑ” කියන එකයි. ඉතිං පැරණි කලාකරුවන් ගෙනල්ලා, ඉදිරිපිට පුටුවක වාඩිකරවලා, ඒ් අයටත් කතා කරන්න අවස්ථාව දීලා, ඒ් අයගේ හිස ටිකක් ආදරයෙන් අත ගාලා, ඒ් නිර්මාණම නැවත නැවත විකුණන එකත්, වෙනම කලාවක්.

ප.ලි-ඡායාරූපවල අයිතිය එහි හිමිකරුවන් සතුයි!

(ප්‍රියාන් ආර්.විජේබණ්ඩාරගේ ෆේස් බුක් පිටුවෙනි)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)