Saturday, September 21, 2024

සිරකරුවන්ගේ ඥාතිනුත් යාපනයේදි උපවාසයක් අරඹයි !හෙට මඩකලපුවේත් විරෝධතා !

Must read

කොළඹ මැගසින් බන්ධනාගාරයේ ආහාර ගැනීමෙන් වැලකී සිටින තරුණයින්ගේ ඥාතීන් පසුගිය (12) දා පෙරවරුවේ සිට යාපනයේ උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයක් අරඹා තිබුණි.
පසුගිය 2019 සහ 2020 වසරවල ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගත් තරුණයින් 13 දෙනෙකු සැප්තැම්බර් 6 වනදා සිට තමන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ මැගසින් බන්ධනාගාරයේ උපවාසයක නිරත වූ අතර ඔවුන්ට සහය පළ කරමින් එම තරුණයින්ගේ ඥාතීන් අද යාපනයේදී උපවාසයක යෙදි සිටි.

පහත නම් සඳහන් දෙමළ දේශපාලන සිරකරුවන් මෙම උපවාසයට එක්ව තිබේ.

1. එස්. උදයසිවම්
2. යූ. උමාසුදන්
3. එම්. පාර්තීබන්
4. එල්. ඉම්බරාජ්
5. වයි. රොබින්සන්
6. ආර්. සයන්දන්
7. පී. නගුලේස්වරන්
8. එස්. සුදාහරන්
9. යූ. සතීස්කුමාර්
10. එස්. සසීදන්
11. ආර්. විවේකානන්දන්
12. වයි. ඩඩ්ලි
13. එල්. අජන්තන්



හිරගෙදර දරුවන්ගේ අනාගතය විනාශ කරන්න එපා. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම වැනි සටන් පාඨ ඇතුළත් පුවරුද විරෝධතාකරුවෝ අතැතිව සිටියහ.
මේ අතර දමිළ සිරකරුවන්ගේ උපවාසයට සහය පළකරමින් හෙට දිනයේ ( 16 ) මඩකලපුවේදිද විරෝධතාවයක් පැවැත්විමට නියමිතව තිබේ.

දැනට දින 09 ක් පුරා දමිළළ සිරකරුවන් උපවාසයක යෙදි සිටිති. මිට වසර 35 කට ඉහතදි තිලිපන් සිය ජිවිතයෙන් වන්දි ගෙවු උපවාසයේදි ඉදිරිපත් කරන්නට යෙදුන ඉල්ලිම් කිපයක අතරද දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නට යැයි යන ඉල්ලිම මෙන්ම ත්‍රස්තවාදය වැලැක්විමේ පණත අහෝසි කිරිමද ඇතුලත් ව තිබුණි.

ත්‍රස්ත පණත ගැන දකුණේ දැන් විරෝධතා පැවැත්වෙමින් තිබුණද මේ බොහෝ තැන්වලදි ත්‍රස්ත පණත යටතේ සිරගත කර ඇති දමිළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්ණයට දකුණේ විරෝධතා කරුවන්ගේ අවධානයට පත්ව නැති තත්වයකි.
දකුණේ බොහොමයක් උද්ඝෝෂණ වල විරෝධතා පුවරුවලදි පවා දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කරනු යන්න දකින්නට නැති තත්වයක් නිර්මාණය වි තිබේ.
ඡායා සහ විස්තර – නිදර්ශණ් විනෝද්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)