Saturday, September 21, 2024

ස්විස්ටර්ලන්තය පරදා ඉතාලිය ජයගනී !

Must read

ඉතාලියේ Olimpico ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයට ජයගැනීමට සමත් වුනේ සත්කාරක ඉතාලි කණ්ඩායමයි. ඒ ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයන් ගෝල 3-0 ලෙස පරාජය කරමින්.

පෙර තරගයෙහි ලබාගත් ජයග්‍රාහී රිද්මය එලෙසම පවත්වාගනිමින් ආරම්භයේ සිටම දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ඉතාලි කණ්ඩායම වෙනුවෙන් Giorgio Chiellini 19වන මිනිත්තුවේදී ගෝලයක් ලබාගැනීමට සමත් වූවත් විනිසුරුවරයා විසින් VAR තාක්ෂණය ඔස්සේ එය නැවත නැරඹීමෙන් පසු පන්දුව අතෙහි දැවටීම නිසා ගෝලය අවලංගු කිරීමට කටයුතු කළා.

නමුත් එම සිදුවීමෙන් සුළු වේලාවකට පසු තරගයේ 26වන මිනිත්තුවේදී Domenico Berardi ලබාදුන් පන්දුවක් සාර්ථකව ගෝලයට එල්ල කිරීමට ඉතාලි ක්‍රීඩක Manuel Locatelli සමත්වුනේ පළමු අර්ධයේ පෙරමුණ සිය කණ්ඩායමට ගෙන දෙමින්.

දෙවන අර්ධය ආරම්භ වී වැඩි වේලාවක් යාමට මත්තෙන් තරගයේ 52 වන මිනිත්තුවේදී නැවත ක්‍රියාත්මක වූ Manuel Locatelli දඬුවම් රාමුවෙන් එපිට සිට ලැබූ පන්දුවකට වේගවත් පහරක් එල්ල කරමින් ගෝලයේ දකුණු කෙළවරින් දැළ තුළට ඇතුළු කිරීමට සමත් වුනේ සිය කණ්ඩායමට අවශ්‍ය වූ පරතරය ගෙන දෙමින්.

එම ගෝලයෙන් පසු තරගයේ සම්පූර්ණ ආධිපත්‍ය සියතට ගත් ඉතාලිය වෙනුවෙන් තෙවන ගෝලය රැස් කිරීමට Ciro Immobile සමත් වුනේ තරගයෙහි 89වන මිනිත්තුවේදීයි. ප්‍රතිවාදී ක්‍රීඩකයන් පසුකරමින් ගෙන ආ පන්දුවක් දඬුවම් රාමුවට පිටත සිට ගෝලයට එල්ල කිරීමට ඔහු සමත් වුනේ ප්‍රතිවාදීන්ව තවත් අසරණ කරමින්.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)