Saturday, September 21, 2024

ස්ථාවර තැන්පතු මතින් ජීවත්වන ජේෂ්ඨ පුරවැසියන් අනාතයි : බෙහෙත් ටික ගන්නවත් නොලැබෙන හැඩයි !!

Must read

wechat sharing button

වෙළඳපොලෙහි ද්‍රවශීලතාවය ඉහළ නැංවීමට රජය ගෙන ඇති පියවරෙන් පසු බැංකු අනුපාත පහත වැටෙන විට සිය ජීවිත ඉතිරි කිරීම් ස්ථාවර තැන්පතු සඳහා ආයෝජනය කර එම පොළියෙන් ජීවත් වන ශ්‍රී ලංකාවේ සිය

දහස් ගණන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බරපතල අනතුරක් වනු ඇතැයි ආර්ථික කරුණු වාර්තා කරන “ඉකොනොමි නෙක්ස්ට්” නම් වෙබ් අඩවිය වාර්තා කරයි.

මේ වන විටත් දිනකට පෙර රුපියල් බිලියන 90 ක අතිරික්ත ද්‍රවශීලතාවයක් තිබූ බැංකු පද්ධතියට ජනාධිපති රාජපක්ෂගේ ගෝරනාඩුවෙන් පසු තවත් රුපියල් බිලියන 100 කට වඩා මුදා හැර තිබේ.

මෙයින් අදහස් කරන්නේ රටේ මුදල් වෙලඳපොලවල අතිරික්ත ද්‍රවශීලතාවය මෙතෙක් වූ උපරිමය වන රුපියල් බිලියන 223 දක්වා ඉහළ ගොස් ඇති බවයි. 

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන ‘ට්විටර්’ පණිවිඩයක් මගින් කියා සිටියේ මෙම තත්වය නිසා තැන්පත්කරුවන්ට ලැබෙන පොලිය අඩුවනු ඇති බවයි.

Screen Shot 2020 06 23 at 1.24.48 PM

තවද ඩේලි එෆ්ටී පුවත්පතට ලියමින් ඔහු පවසන්නේ,  “කෙසේ වෙතත්, මෙම අනපේක්ෂිත ප්‍රහාරයෙන් පසුව, මණ්ඩලය විසින් වෘත්තීය ප්‍රතිපත්ති සම්පාදනය කරන ආයතනයක් ලෙස නොකළ යුතු දේ කර ඇති බවයි. එය භීතියට පත්ව බාහිර විශ්ලේෂකයින් හංවඩු ගසා ඇති පරිදි, බියකින් නිසාම තීරණ මාලාවක් ගෙන ඇත.” මෙම හදිසි පියවර මගින් අපේක්ෂිත ප්‍රතිපල නොලැබෙනු ඇතැයිද ඔහු සඳහන් කරයි.

ණය ලාභදායී කිරීමට රජයට අවශ්‍ය බැවින් පොලී අනුපාත පහත වැටෙනු ඇතැයි ආයෝජන ගුරු රවී අබේසූරිය ද අනාවැකි පළ කරන බවද ‘ඉකොනොමි නෙක්ස්ට්’ වෙබ් අඩවිය වාර්තා කරයි.

මුදල් විශාල ප්‍රමාණයක් එකම භාණ්ඩ ප්‍රමාණයක් පසුපස හඹා යාමත් සමඟ උද්ධමනය ඉහළ යනු ඇති බවද අබේසූරිය පවසයි.

“ආයෝජකයින්ට ලබා ගත හැක්කේ අද දින වාණිජ බැංකුවල ස්ථාවර තැන්පතු වලින් සියයට 8 ක් හෝ 9 ක් පමණි. එය වසරකට පෙර පැවති අනුපාතයන්ට වඩා සියයට 3 සිට 4 දක්වා අඩු කිරීමකි. ස්ථාවර තැන්පතු අනුපාත තවදුරටත් පහත වැටෙනු ඇත.”

“ආයෝජකයින්ට ලබා ගත හැක්කේ අද දින වාණිජ බැංකුවල ස්ථාවර තැන්පතු වලින් සියයට 8 ක් හෝ 9 ක් පමණි. එය වසරකට පෙර පැවති අනුපාතයන්ට වඩා සියයට 3 සිට 4 දක්වා අඩු කිරීමකි. ස්ථාවර තැන්පතු අනුපාත තවදුරටත් පහත වැටෙනු ඇත.”

බඩුමිල ඉහළ යාමට සාපේක්ෂවක ඖෂධ මිලද ඉහල යනු ඇති බවත් එමගින් ජේෂ්ඨ පුරවැසියනට තවත් බරක් පැටවෙනු ඇති බවත් ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

පසුගිය ආණ්ඩුව විසින් ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු ලකෂ 15ක් වනතුරු සියයට 15% පොළියක් ගෙවීමට ගත් තීරණයට කුමක්වනු ඇත්දැයි දැනගැනීමට නැත. බැංකු විසින් ණය සඳහා පොලිය අඩුකරන්නේ නම් මෙළෙස 15% පොළියක් ගෙවිය හැක්කේ රජය එම අලාභය පියවන්නේ නම් පමණක් බව බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මංගල, මුදල් ඇමති මහින්දට කියපු කතාව :

මේ අතර ජනාධිපති රාජපක්ෂ විසින් මහා බැංකු ප්‍රධානින්ට බැණ වැදීම හළො දකිමින් මුදල් ඇමැති රාජපක්ෂ වෙත  ලිපියක් ලියන හිටපු මුදල් ඇමැති මංගල සමරවීර කියන්නේ “පශ්චාත් මැතිවරණ කාලය දෙස බලන්නේ නම් මෙම වසර අගදී හෝ ලබන වසර මුලදී සැමට පෙර නොවූ විරූ මූල්‍ය අර්බූදයක් ඇති වියහැකි” බවයි. එවිට රුපියල අවප්‍රමාණය කිරීමට සිදුවනු ඇති බවත් අපනයන ඇතුළු අපගේ ජාත්‍යන්තර වෙළඳාම විශාල වශයෙන් කඩාකප්පල් වනු ඇති බවත් ඔහු සඳහන් කරයි.

ආණ්ඩුවේ ප්‍රකාශකයකු වන ඇමැති බන්ධුල ගුණවර්ධන කියන්නේ ස්ථාවර පොලී අනුපාතය තනි ඉලක්කමකට ගෙන ඒම සිය සැළැස්ම බවයි. තවද ඔහු කියා සිටින්නේ සංවර්ධිත රටවල ස්ථාවර තැන්පතු සඳහා කිසිදු පොලී ගෙවීමක් නැති බවයි.

(srilankabrief.org)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)