Saturday, September 21, 2024

සජබෙ රාජපක්ෂලාගේ කුණු අදින ලොරි බවට පත්වෙයිද ?

Must read

රට මෙතරම් ප්‍රපාතයකට ඇද දැමුවේ  රාජපක්ෂ පාලනය බවත්, ඒ රාජපක්ෂලාගේ කුණු අදින කුණු ලොරි බවට සමගි ජනබලවේගයේ කිසිවකු පත් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ බව ලංකාදිප වෙබ් අඩවිය අද වාර්තා කර තිබුණි.

අද මුළු රටම ආර්ථික සමාජ දේශපාලනික ඛේදවාචකයකට ලක්ව ඇති බවත්,ඊට හේතුව 2019 සහ 2020 මැතිවරණ දෙකකදී ජනතාව විසින් හරි පාර වෙනුවට වැරදි පාර උරා ගැනීමේ හේතුව බවත් විපක්ෂ නායකවරයා පවසන්නට යෙදුණි..

රක්වාන සමගි ජනබලවේගයේ සංවිධායක බී.කේ ආරියවංශ මහතා සංවිධානය කරනු ලැබූ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින්  ඔහු මේ බව කීයා ඇති අතර බංකොලොත් වී ඇති රට තුළ දැන් සිදුවෙමින් පවතින අලුත්ම විජ්ජාව වන්නේ සර්වපාක්ෂික ආණ්ඩු ගුණ්ඩුව බවත්  රටට අවශ්‍ය වන්නේ ඇමති වරදාන පළඳවා ගනිමින් තනතුරු පිටුපස යන රටක් නොවන බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසු බව එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

මේ අතර දේශපාලන විචාරකයන් පවසා සිටින්නේ රට මුහුණ දි ඇති අර්බුදය හමුවේ විපක්ෂයේ නිවරදි කාර්ය භාරය කුමක්දැයි කට්ටිවාදි මනසකින් තොරව බලා කටයුතු කිරිම අද පවතින අර්බුදයෙන්න ගොඩ ඒමට හැකි සාමුහික එකම විසදුම විය හැකි බවය.

මෙය තේරුම් නොගෙන සිය දේශපාන න්‍යාප පත්‍ර පෙරටු කොට ගෙන කටයුතු කරමින් සිටින පක්ෂ කණ්ඩායම් බොහොමයකට ඇති රට පිළිබදව ඉතා සුභදායි සිහිනයකි.

එහෙත් එය කවදා නම් යථාර්ථයක් වේවිද ? සජපෙ දේශපාලකයන් කි දෙනෙකු සජිත් ප්‍රේමදාසදාසට සිය දේශපාලන අණසක යටතේ තබා ගත හැකිද යන්න මත විපක්ෂ නායකවරයාගේ දේශපාලන භුමිකාවද තිරණය වනු ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)