Sunday, September 22, 2024

ශ්‍රිලංකන් සේවකයන් 560 කට විශ්‍රාම යන ලෙස ඉල්ලිමක් ..

Must read

( 8.30 am ) දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණපා සිටින ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගම සිය සේවකයින්ට ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැනීමට යෝජනා කර ඇතැයි lankatruth.com වෙබ් අඩවිය වාර්තා කොට ඇත

ඒ යටතේ දළ වශයෙන් සේවකයින් 560 දෙනෙක් පමණ විශ්‍රාම ගනු ඇතැයි අපේක්ෂා කරන ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම ඒ වෙනුවෙන් රුපියල් බිලියන 1.46ක් වැය වෙතැයිද ඇස්තමේන්තු කර තිබේ.

මෙම විශ්‍රාම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතියද හිමිව ඇත.

මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර තිබූ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාවද අමාත්‍යවරයා විසින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)