Saturday, September 21, 2024

ශ්‍රී ලංකා – IMF එකඟතාවකට ඒයි ,ආසියානු සංවර්ධන බැංකුවෙනුත් හදිසි ආධාර ණය.

Must read

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට හදිසි ණය ආධාර ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවකට පැමිණ ඇති බවත් මේ බව අද (01දා) නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇතැයි දිවයින වෙබ් අඩවිය සිය පුවතකින් දක්වා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නිලධාරීන් කණ්ඩායමක් මෙරට මූල්‍ය හා ආර්ථික නියෝජිතයන් සමග පසුගිය සතියේ සාකච්ඡා ආරම්භ කළ අතර එම සාකච්ඡා ඊයේ (31දා) අවසන් විය. ඒ අනුව එම මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අද (01දා) උදේ 11.00ට මහ බැංකු මූලස්ථානයේදී නිල වශයෙන් මාධ්‍ය හමුවක් පැවැත්විමට නියමිත බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයන් එම අරමුදලේ කළමනාකාරීත්වයේ සහ එහි විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් වන අතර ඊට පසුව ආධාර ලබන රටවල්වලට ඒ සඳහා ප්‍රවේශය හිමි වේ.

මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇතිකර ගැනීමෙන් පසු එම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ ණය හිමියන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා මාධ්‍යයට පවසා තිබිණි.

මේ අතර ආසියානු සංවර්ධන බැංකුවෙන්  ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 200ක හදිසි ආධාර ණය මුදලක් අනුමත කර තිබෙන බැව් දිණමිණ වාර්තා කර තිබේ.

ආසියානු සංවර්ධන බැංකුව දැනට මෙරට කරගෙන යනු ලබන ව්‍යාපෘති සඳහා වෙන්කර තිබූ මුදල් මෙම ණය ආධාරය සඳහා යොමුකර ඇති බව එම බැංකුව පවසයි.

ආහාර සුරක්ෂිතතාව දියුණු කිරීම සහ දරිද්‍රතාවයෙන් පෙළෙන – විශේෂයෙන් කාන්තාවන්ට සහ ළමුන්ට සහන සැලසීමට මෙම ණය මුදල යොදා ගනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව සදහන් කර ඇත. 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)