Saturday, September 21, 2024

ශ්‍රිලනිපයට මොකද වෙන්නේ ? විශ්වාසවන්තම පිරිස 5 යි !

Must read

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් අයෙකු ආණ්ඩුවට සම්බන්ධවී අමාත්‍ය ධූර ලබාගැනීමේ ඉඩක් ඇති බවට ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී අනාවැකි පළ වුණු නෙත් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ කුමන පුද්ගලයෙකු පක්ෂය අත්හැර ගියත් අනිවාර්්‍යයෙන් අවම පස් දෙනෙකුවත් පක්ෂය තුළ සිටිනු ඇති බවයි.

රාජ්‍ය අමාත්‍යවරු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දිව්රුම් දීමත් සමඟ පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිස තවදුරටත් අඩු වී ගොස් ඇතැයි දි ලිඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර කැබිනට් අමාත්‍ය ධුර දරන අතර රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්ප කුමාර, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක, සුරේෂ් රාගවන්, ශාන්ත බණ්ඩාර යන මන්ත්‍රීවරුන් පසුගිය 08දා දිනයේ රාජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්නේය.

මේවනවිට පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන සමග ඉතිරිව සිටින්නේ ශාන් විජේලාල්, දයාසිරි ජයසේකර, දුෂ්මන්ත මිත්‍රපාල, අංගජන් රාමනාදන් සහ දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් පමණි.

ඉදිරියේදී සිදුකෙරෙන කැබිනට් සංශෝධනයේදී දුමින්ද දිසානායක ද කැබිනට් අමාත්‍යවරයකු ලෙස දිව්රුම් දීමට නියමිත බව පැවසේ.

කෙසේවුවද පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර ඊයේ ‘නෙත් එෆ් එම් අන්ලිමිටඩ්’ වැඩසටහනේදී දුමින්ද දිසානායක සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් නොකළ බවද ද ලිඩර් වෙබ් පුවතේ වැඩිදුරටත් සදහන්ය

මේ අතර කුමාර වෙල්ගමගේ මුලිකත්වයෙන් සහ හිටපු ජනපතිනිය චන්ද්‍රිකා කුමාරණතුංගගේ පංගුකාරිත්වයෙන් ඇරඹුණු නව පක්ෂයට මේ වන විට යම් ප්‍රතිචාර දිස්ත්‍රික් මට්ටමින් ලැබෙමින් ඇතැයිද වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)