Sunday, September 22, 2024

වෛද්‍ය සැපයුම් අංශයේ 6 දෙනෙකුටත් කොරෝනා ?

Must read

( 8.30 am ) සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ සේවය කරන සේවකයන් හයදෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම නිසා ඖෂධ බෙදාහැරීමේ කටයුතුවලට බලපෑම් ඇති වී තිබෙන බව “අරුණ” පුවත්පත වාර්තා කර තිබේ

දිවයින පුරා සියලුම ​රෝහල්වලට ඖෂධ හා වෛද්‍ය උපකරණ බෙදාහරින වෛද්‍ය සැපයුම් අංශයේ සියලු සේවකයන් ඊයේ (23 වැනිදා) පී.සී.ආර්. පරීක්ෂාවකට ලක් කර ඇති අතර දිවයිනේ සියලුම රෝහල් සඳහා ඖෂධ ලබාගැනීමට දිනකට වාහන පනහකට ආසන්න සංඛ්‍යාවක් මෙම පරිශ්‍රයට පැමිණෙන බැවින් එම වාහන සීමා කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

වෛද්‍ය සැපයුම් අංශයෙන් ඖෂධ ලබාගෙන ගිය පළාත් හා දිස්ත්‍රික් රෝහල් කාර්ය මණ්ඩලවලටද රෝගය පැතිර යාමේ අවදානමක්ද මතුව ඇත.

ආසාදිත පුද්ගලයන් පසුගිය සතියේ සිට සේවයේ නියුතුව ඇති බැවින් ඔවුන්ගේ පළමු පෙළ ආසාදිතයන් පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කර රෝහල්ගත කරන බවත් අවශ්‍ය වන්නේ නම් දෙවැනි පෙළ ආශ්‍රිතයන්ද පරීක්ෂාවට ලක්කිරීමට කටයුතු කරන බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ​අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද සිල්වා සඳහන් කර තිබේ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)