Sunday, September 22, 2024

වෙළද කලාපයෙන් ඇහෙන තවත් ශෝකී කථාවක් ….

Must read

(කටුනායක) මේ කතාව අහන්න ලැබෙන්නෙත් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ප්‍රින්ටින් ආශ්‍රිතව නිෂ්පාදනයන් කරන කර්මාන්ත ශාලාවකිනි.එහි සේවකයන් අප හා පැවසුවේ දැනටමත් covid positive කම්කරුවන් දහ දෙනෙක් පමණ සිටින අතර ඊයේ දින පමණක් හතර දෙනකු හමුවී ඇති බවයි.

ඔවුන් හතර දෙනා රාත්‍රී සේවයේ යෙදෙන අතරතුර උණ රෝගය සැදුණ නිසා නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඇත. දැනට මෙම දාහතර දෙනා ම ගෙන ගිය ස්ථානයක් අනෙකුත් සේවකයින් නොදන්නා අතර සේවකයින්ට ඒබව පාලක විසින් පවසා නැත.

සේවක සේවිකාවන් තුන් දහසක් පමණ එකම ගොඩනැගිල්ලක් තුළ ඉතා ළං ළං ව සේවය කරන අතර මෙම ආයතනයේ කොවිඩ් සෞඛ්‍යය නීති රිති අනුගමනය නොකරන බවද සේවකයින් පවසයි.

ඉතා ළං ළංව සේවය කරන ආකාරයෙන් මැෂින් සවිකර ඇති අතර එහි සේවකයන් වරකට පහළොවක් විස්සක් ක් අතර ප්‍රමාණයක් සේවයෙහි යෙදේ.මෙලෙස මීටරයක් තබා අඩියක්වත් දුර නැති ලෙස විසබීජහරණය දුරස්ථ තාවය ආදී කොරෝනා නීතිරීති නොතකමින් සේවයෙහි යෙදවීම තුළ කම්කරුවන් ගේ ජීවිත වලට ඉතාමත් අනාරක්ෂිත තත්ත්වයක් උදාවී ඇතැයිද මොවුන් පවසයි.

ඒ වගේම මෙම ආයතනයේ පාලකයින් සේවකයින්ට බල කරන්නේ කිසිදු හේතුවක් නිසා නිවාඩු ලබා නොගන්නා ලෙසත් දිගටම සේවයට පැමිණෙන ලෙසත් කොවිඩ් හැදුනොත් නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙනියන බවත් වැඩට ආවේ නැත්නම් පඩි නොගෙවන බවත්ය..

නමුත් සේවකයින් පවසන්නේ සේවය අහිමි වේයැයි තිබෙන බය නිසා සේවයට පැමිණියත් මෙම ආයතනය කොවිඩ් නීති රීති අනුගමනය නො නොකරන බැවින් තමන්ට තමන්ගේ ජීවිත පිළිබඳව දැඩි අනතුරක් දැනෙන බවත් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කොට තමාට සහනයක් ලබා දෙන ලෙසත් ය._

තිහාරියේ කථාවක් …

මෙම සිදුවීම වාර්තා කරන්නේ තිහාරියේ සහ හොරගස් මංකඩ ප්‍රදේශවල පවත්වාගෙන යන ත් ග්ලවුස් ආශ්‍රිත ආයතනයක සේවකයන් පිරිසක් විසිනි.

මෙම ආයතනවල සේවකයන් දහසකට අධික ප්‍රමාණයක් සේවයෙහි නිරත වන අතර ඔවුන් ග්ලවුස් නිපදවීමේ යෙදෙන නිසා අත්‍යොවශ්‍ය සේවාවක් වන බැවින් නිවාඩු නොගෙන සේවයට පැමිණෙන ලෙස පාලනාධිකාරිය දන්වා ඇත.මෙම ආයතන වල කොවිඩ් නීති රීති අනුගමනය කිරීම මන්දගාමී බවත් තවමත් කිසිම සේවකයෙකු සඳහා PCR පරීක්ෂණ කර නොමැති බවත් එසේ නොකරන්නේ PCR කරොත් covid positive සේවකයන් සිටියහොත් ආයතනය වසා දමන්නට සිදු වන නිසා බව සේවකයින්ගේ අදහසයි.

මේ නිසා රට තුළ පවතින කොවිඩ් වසංගතය මධ්‍යයේ සේවය කිරීම මත තමා ගේ ජීවිතවලට අනාරක්ෂිත බවක් පවතින හෙයින් අදාළ බලධාරීන් ගේ අවධානය යොමු කොට තමන්ට අවශ්‍ය පරීක්ෂණ ටික සිදු කරන ලෙස සේවකයෝ දිගින් දිගටම ඉල්ලා සිටී.කෙසේ කළහොත් නිරෝගී සේවකයන් ලෙස තමන්ට ආයතනයේ ප්‍රගතිය උදෙසා බියකින් සැකයකින් තොරව සේවය කළ හැකි බව ද සේවකයෝ පවසති.

(චන්ද්‍රා දේවනාරයනගේ ෆේස්බුක් පිටුවෙනි )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)