Saturday, September 21, 2024

විදුලි ත්‍රිරෝද රථ වෙළද පොළට එන්නේ කවදාද ?

Must read

පසුගිය කාලය තුල ජනතාව මුහුණ දුන් දරුණු ඉන්ධන ප්‍රශ්ණය හමුවේ විදුලි වාහන පිළිබදව රටේ ජනයා අතර පැවති උනන්දුව නිතිපතා ඉහල යමින් තිබුණි.

විදුලියෙන් ක්‍රියාත්මක යතුරු පැදි මිට පෙර ලබාගෙන තිබුන අය පැවැති ඉන්ධන අර්බුදය ප්‍රශ්ණයක් කොට නොගෙන සිය කටයුතු සමාන්‍ය පරිදි කරගෙන ගිය ආකාරය පැහැදිලි විය.



මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද බොරලැස්ගමුව ප්‍රදේශයේ පවත්වාගෙන යන විදුලි ත්‍රිරෝද රථ එකලස් කිරීමේ කම්හලක් නිරීක්ෂණය කළේය.ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ඔහු පසුගිය දා විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට ඉඩ සැලසෙන පරිදි මෝටර් රථවාහන පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ද ලබාගෙන ඇත.

මිගමුවේ ප්‍රකට විදුලි යතුරු පැදි ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ඇපලෝ සමුහ ව්‍යාපාරය විදුලි ත්‍රිරෝද රථ ගෙන්විමටද කටයුතු සැලසුම් කරගෙන තිබුණද කොරෝනා වසංගත තත්වය හමුවේ එය ක්‍රියාත්මක කරගැනිමට නොහැකි විය.
කෙසේ වෙතත් රජය විසින් වැඩි ප්‍රමුඛතාවයක් දි මේ විදුලි ත්‍රිරෝද රථ ක්ෂේත්‍රය වැඩිදියුණු කළ යුතුව තිබේ. මේ ආකාරය නව්‍යතා මාධ්‍ය විසින් ප්‍රචාරය කරන හැම අවස්ථාවක ජනතාව ප්‍රශ්ණ කර සිටින්නේ මේවා වෙළද පළට එන්නේ කවදා දැයි කියාය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)