Saturday, September 21, 2024

විජයගේ 75 වන ජන්ම දිනය අදයි : චන්ද්‍රිකා කියන හැඟීම්බර කතාවක්!

Must read

17 Shares facebook sharing button Share twitter sharing button Tweet

ප්‍රවීන කලාකරුවකු මෙන්ම, ජනප්‍රිය දේශපාලනඥයකු වූ විජය කුමාරණතුංග ගේ 75 වන උපන්දිනය අදට දී තිබේ.

ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති ඔහුගේ බිරිඳ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසන්නේ, ‘විජය, රටේ සෑම දරුවෙකුටම එක සේ ආදරය කරන්න තරම් උතුම් හදවතක් තිබුණු මිනිහෙක්’ බවයි.

ඇය විසින් අද උදැසන පළකර තිබු සටහනක මෙසේ සඳහන් වේ.

ආදරණිය විජය, ඔබගේ 75 වන ජන්ම දිනය අදයි. ඒ සොඳුරු ඉතිහාසය අදටත් මාගේ මතකයෙන් නොමැකෙයි. සදාදරණියයි.

CBK Vijaya

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පළකර ඇති තවත් FB සටහනක මෙසේ සඳහන් වේ.

”1982 විමුක්ති ඉපදුනේ කොබ්බෑකඩුව ඡන්දෙ ආසන්නයේමයි. මම ළමයි දෙන්නත් එක්ක හොරගොල්ලෙ ගිහින් නැවතුනා.

මම විජයට කිව්ව මම අත්තනගල්ලේ විතරක් බලන්නම්,  මොකද මට ඉතා දැඩි විශ්වාසයක් තියෙනවා ළමයෙකුට මුල් මාස තුනවත් මව් කිරි දෙන්න ඕන කියන එක.

කොබ්බෑකඩුව ඡන්දෙට පක්ෂය දෙකට බෙදිලා තිබුනේ. පිරිසක් ඡන්දෙට වැඩ කලේ නැහැ.

ඔය නිසා විජය එක දවසක් හොරගොල්ලට ඇවිත් කිව්වා, ‘චන්ද්‍රිකා ඔයාටත් රටට යන්න වෙනවා කියලා’ මම කිව්ව මට නම් කීයටවත් එන්න බැහැ මේ දරුවට මුල් මාස තුන වත් හරියට කිරි ටික දෙන්න ඕනෙ කියල.

එතකොට විජය කිව්වා චන්ද්‍රිකා කොබ්බෑකඩුව දිනලා අපි බලාපොරොත්තු වෙන ආකාරයේ රටක් හදන්න පුලුවන් වුනොත් අපේ දරුවට විතරක් නෙවෙයි මේ රටේ කිරි නැති තවත් දස් ගානක් දරු පිරිසකට කිරි දෙන්න පුලුවන්. ඒ හැම දරුවෙක් ගැන ම හිතලා ඔයා මේ වෙලාවෙ කැම්පේන් එකට එන්නම ඕනෙ කියලා.

තමන්ගෙ දරු දෙදෙනාට වගේම මේ රටේ සෑම දරුවෙකුටම එක සේ ආදරය කරන්න තරම් උතුම් හදවතක් තිබුණු ඒ අපූර්ව මිනිසාගේ 75 වන උපන් දිනය අද.

විජය ඔබට සුබ උපන් දිනයක්!

8688196 orig

******

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)