Saturday, September 21, 2024

වසර 13 පැරණි අදටත් බිඳ නොවැටී පවතින සනත් ජයසූරියගේ අපූරූ IPL වාර්තාව

Must read

සනත් ජයසූරිය යනු වාර්තා රැසකට උරුමකම් කියන ක්‍රීඩකයෙක්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසය තුළ ශූරතා 05 කට උරුමකම් කියන ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ද ඔහු වාර්තා පිහිටුවා ඇති බව ඇතැම් විට ඔබ දන්නවා ඇති.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් පළමු ශතකය වාර්තා කළ පිතිකරුවා වන්නේ ද ඔහුයි.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් තරගවාරයක් තළදී වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරුවා වන්නේ ද ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරය වීම විශේෂත්වයක්.

ආරම්භක අයි.පී.එල්. තරගාවලිය වූ 2008 වසරේ පැවති තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් තරග 14 ක් තුළ ලකුණු 514 ක් ලබා ගැනීමට ඔහු සමත් වුණා.එහිදී හයේ පහරවල් 31 ක් වාර්තා කිරීමට ජයසූරිය සමත් වුණා.

වසර 13 ක් ගත වී තිබුණත් එම වාර්තාව බිඳ හෙලීමට තවමත් කිසිදු මුම්බායි පිතිකරුවෙකු සමත්වී නැහැ.

පසුගිය තරගාවලිය පුරා මුම්බායි කණ්ඩායම වෙනුවෙන් හයේ පහරවල් 30 ක් එල්ල කරමින් එම වාර්තාවට ආසන්න වීමට ඉශාන් කිෂන් සමත් වුණත් එය බිඳ හෙලීමට ඔහු වාසනාවන්ත වූයේ නැහැ.
www.cricketnews.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)