Sunday, September 22, 2024

වසංගතය වතුකරයට ආවොත් “දෙයියන්ටවත් බේරගන්න වෙන්නේ නෑ”

Must read

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කෝවිඩ් පොකුරින් ආරම්භ වී දිනපතා රටේ විවිධ ප්‍රදේශ වලින් ආසාදිතයන් වාර්තා වන

පසුබිමක, වතුකරයේ ජනතාව අතරට වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා ගෙන ඇති පියවර කවරේදැයි විපක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයකු රජයෙන්  ප්‍රශ්න කර තිබේ.

“විශේෂයෙන්ම දැන් මුලු රටම කොරෝනා. කොරෝනා එකේ ඉදලා රටේ ජනතාව ආරක්ෂා කරන්න ඕන. දැන්  මම නියෝජනය කරන ප්‍රදේශයේ  වතුකරයේ කන්ද උඩරට එහෙම කොරෝනා ආවනම් දෙයියන්ටවත් වලක්වන්න හම්බුවෙන්නේ නෑ. දෙයියන්ටවත් බේරන්න හම්බුවෙන්නේ නෑ.”

වතුකර ජනතාවගේ ජීවන රටාව, ඔවුන්ගේ නිවාස පිහිටා තිබෙන ආකාරය හා ඔවුන් රාජකාරි නිරතවන ආකාරය  සාමුහික ක්‍රමවේදයක් බව පෙන්වා දෙන බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් අවධාරණය කරන්නේ ඔවුන් අතරට වෛරසය ව්‍යාප්ත වුවහොත් එය පාලනය සදහා කිසිදු විකල්පයක් නොමැති බවයි.

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පසුගියදා විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී රජයේ සෞඛ්‍ය අංශ වෙතින්  ප්‍රශ්න කර සිටියේ, වතුකරයේ සාමාන්‍ය රෝහල් වල වෛද්‍යවරයකු හෝ නොමැති තත්වයක් තුළ වතුකරයේ රෝහල් විනාශ වෙමින් තිබියදී වසංගතය හමුවේ  වතුකරයේ සෞඛ්‍ය සම්බන්ධයෙන් රජය ගෙන ඇති වැඩපිළිවෙල කවරක්ද යන්නයි.

වතුකරයේ ජනතාවගේ PCR පරීක්ෂණයක් හෝ සිදු කර නැහැ !

තමන් දන්නා පරිදි ඒ වෙනුවෙන් ආණ්ඩුව මේ වන තෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව පවසන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩි දුරටත් චෝදනා කළේ, මේ වන තෙක් වතුකරයේ ජනතාවගේ PCR පරීක්ෂණයක් හෝ සිදු කර නොමැති බවට යි.

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් වතුකරයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩ පිලිවෙලක් හෝ මේ දක්වා  ක්‍රියාත්මක කර නොමැති බවට රජයට චෝදනා කරන මන්ත්‍රීවරයා එහිදී යෝජනා කළේ, වතුහාම්පුතුන්ගේ සංගම්, පොලීසිය හා සෞඛ්‍ය අංශ සම්බන්ධකරගනිමින් කටිටුවක් සකස් කර වතුකරයේ ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා වැඩ පිළිවෙලක් දියත් කරන ලෙසයි.

” කිසි දෙයක් නෑ. කවුරුහරි නැතිඋනොත් හරි ඒ මනුස්සුයා PCR මැරුනද? හාට් ඇටැක් එකෙන් මැරුනද මොන එකෙන් මැරුනද කියලා කිසි කෙනෙක් දන් නෑ. අපේ පළාත් වල මේ සම්බන්ධයෙන් කිසි දැනුවත් කිරීමක්, වැඩ සටහනක්වත් නෑ. කිසි දෙයක් නෑ. එතකොට මේක ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියනවා. අපිට ලොකු කරදරයක් මේක.  ” මන්ත්‍රීවරයා වැඩි දුරටත් සදහන් කළේය.
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)