Saturday, September 21, 2024

වයිටගෙ මුට්ටිය දැන් බාස්ගෙ අරිෂ්‍ඨය ද?

Must read



( 3.30 pm ) ජනාධිපතිවරයා සිංගප්පූරුවට වඩා අපි හොඳට කළැයි කියනකොටම මට සිහියට ආවෙ එතුමා එරටින් ලබා ගත් ප්‍රතිකාරය.
නීතිමය කරුණුවලදී ද අධිකරණයට ද එතුමා සිංගප්පූරු ගිය බව,සිංගප්පූරු යන්න ගමන් බලපත්‍රය මුදවා ගන්න කරුණු ඉදිරිපත් කළේය.
එහෙම වෛද්‍ය සේවයක් වෙත අපේ රටේ පක්ෂ – විපක්ෂ නායකයෝ බොහෝ අය විශ්වාසය තබති.එය නි’බොරුය.

ඒ නිසා ඔව්හූ සිංගප්පූරුවේ ප්‍රතිකාර සඳහා යති,එති.එහෙම තත්ත්වයක මුට්ටි දාන එක ගැන ඔවුන් විශ්වාස කරන බව සිතිය හැකිද?ඔවුන් ලබා දෙන සියල්ල විශ්වාස කරන මිනිස්සු පිරිසක් සිටින බව පාලකයො දනිති.

ඒ නිසා මුට්ටි,හට්ටි වළං යන ඕන දෙයක ඒ විශ්වාසය රඳවාගත හැකි බව පාලකයෝ දනිති.
දැන් පැණිය.
වෙද මහතා මේසන් බාස් කෙනෙක් මිස කුමනාකාරයේ හෝ වෛද්‍යවරයෙක් නොවන බවට යොමු කර තිබෙන ලිපියක් මෙහි ඇත.
එයට ද රාජ්‍ය අනුග්‍රහයක් ⁣දීමට තීරණය වී ඇත.මුට්ටි දැම්මේ රාජකීය වෛද්‍යවරයාය.ඒ රාජ්‍ය අනුග්‍රහය නො’අඩුව ලබන්නෙක්ය.
කිසිම වෛද්‍ය සභාවකට මේවා අදාළ නැත.කෘෂිකාර්මික ප්‍රශ්නවලටත් පාරට බැස්ස වෛද්‍ය වෘත්තිය සමිති විද්‍යාවට අදාළ නැති මිත්‍යා ප්‍රශ්න ගැන කිසිඳු වෘත්තිමය මැදිහත්වීමක් නොකරයි.
බොහොම බාල කර හඬින් මයික් කිහිපයකට මුමුණා යයි.දැණුම සහ ලැජ්ජාව යන දෙකම නැති අයත්,දැණුම ආත්මාර්ථයට පදනම් කරගත් පිරිසත් තවමත් ප්‍රශස්ති ලියමින් ඇත.
අපි බොල් හඬින් හිස් මුට්ටි සේ පිපිරෙන රටක ශතවර්ෂ ගණනාවක් පරණ මිත්‍යාව විද්‍යාව යට කර ඉහළට ගෙන සීතාම්බර සළුවලින් සැරසී ආඩම්බරයෙන් සක්මන් කරමින් සිටිමු.

නිශ්මං රණසිංහ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)