Sunday, September 22, 2024

වනජීවී නිලධාරින්ට පාට් දැමු මේජර්ට වැඩවරදින ලකුණු ?

Must read

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවි නිලධාරියකුට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියට අදාල යුද හමුදා මේජර් ජනරාල්වරයා ඇතුළු යුද හමුදා සාමාජිකයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරනියගොඩ මහතා  හබරන පොලිස් ස්ථානාධිපතිවරයාට අද නියෝග කර ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට යුද හමුදා නිලධාරියෙකු විසින් බාධාකළ බවට පොලීසියට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති වීම මත ලබන මස 02දා දිවයින පුරා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සියලුම වනජීවී නිලධාරීන් තීරණය කර ඇත.

මින්නේරිය වනෝද්‍යානය තුළ සිටින අලි පැටවකු පැහැරගෙන යාමට කණ්ඩායමක් පැමිණෙන බවට ලද විශ්වාස කටයුතු තොරතුරක් මත වනජීවී නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ ‌කර තිබූ පසුබිමක වනෝද්‍යානයේ සිට පැමිණි අනවසරයෙන් ඇතුළු වූ හමුදා මේජර් ජනරාල්වරයෙකු සහිත වාහනවල සිටි හමුදා කණ්ඩායමක් විසින් වනජීවී නිලධාරීන්ට මරණීය තර්ජන කර පහර දී ජංගම දුරකථන පැහැර ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධව මින්නේරිය පොලිසියට වනෝද්යාන භාරකරු විසින් පැමිණිල්ලක් කර තිබිණි. මෙලෙස පැමිණිලි කර තිබුණේ මේජර් ජනරාල් මේජර් ජනරාල් මොහාන් රත්නායක ඇතුළු පිරිසකට එරෙහිවය.

මෙම සිද්ධියට අදාල සැකකරුවන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය වී තිබේ නම් ඔවුන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි මෙහිදි මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කර සිටියේය.
අර්ධ හමුදාකරණයක් කරා රට ගමන් කරමින් තිබෙන්නේ යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සිය පළමු පාර්ලිමේන්තු කථාවේදි පසුගියදා අවධාරණය කර තිබුණි.

රටපුරා තැනින් තැන වාර්තා වෙමින් ඇති මේ චණ්ඩි පාට් යනු හමුදාකරණයකට රට ගමන් කරමින් තිබේයැයි කියන කසකරුවන්ගේ වැඩ ජනතාව තේරුම්ගත යුතුව තිබේ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)