Saturday, September 21, 2024

ලස්සන වෙන්න වතුර බොන්න .

Must read

ලස්සන වෙන්න කාන්තා පිරිමි බේදයකින් තොරව මිනිසුන් බොහෝ දේවල් කරති. මිල අධික ආලේපන වර්ග මෙන්න විවිධ පෙති වර්ගද මිනිසුන් භාවිතා කරති. එහෙත් තවමත් නොමිලයේම ලස්සන වීමට හැකි හැකි බව ඔබ මොහොතකටත් සිතුවාද?  “ජලය” බොහෝ රටවල්වල මිනිසුන්ට නොමිලයේ නොලැබෙන ජලය මගින් ලස්සන පමණක් නො‍ව බොහෝ වාසි ඔබට අත්පත් කරගත හැකිය. අද ලිපියෙන් දිග හැරෙන්නේ ජලය මගින් ඔබට අත්වෙන වාසි පිලිබඳවය.  වර්තමානයේ මිනිසා විදුලි පංකා වායු සමීකරණ නිරතුරුවම භාවිතා කරයි.  මෙමගින් සිරුරේ තෙතමනය ඉක්මනින්ම සිඳී යන බව ඔබ මේ වනවිටත් දන්නවා ඇත.  විශේෂයෙන්ම එවැනි පරිසරයක ඔබ රාජකාරියේ නිරතවන්නේනම් හෝ ඔබ වාසය කරන්නේ නම් ඔබ වැඩි වශයෙන් ජලය පානය කළ යුතුව ඇත.  

1. දිදුලන සමක්

අපේ ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය වන්නේ සමයි. සමේ නිරෝගීතාවය මෙන්ම සමස්ථ ශරීරයේ සියළුම ක්‍රියාකාරකම් වලට සහාය වන අතර මතකය සහ සෞඛ්‍යය වර්ධනය කරන අතර සමෙහි නිරෝගි බව වර්ධනය සහ ප්‍රවර්ධනය කරයි. එමෙන්ම ඔබට සම වෙනුවෙන් කළ හැකි ප්‍රධානතම රූපාලාවන්‍ය සත්කාරය නම් ජලය පානය කිරීමයි. 

දිනකට පුද්ගලයෙකු පානය කරන ජලය ප්‍රමාණය මෙකෙයැයි නිශ්චිත වශයෙන් කිව නොහැකිය. මන්ද යත් දේශගුණය, සහ පුද්ගල ක්‍රියාකාරකම් මට්ටම වෙනස් වේ. පොදුවේ ගත්කළ වැඩිහිටි කාන්තාවක් දිනකට ජලය 2L ක් වත් පානය කළ යුතු අතර පිරිමි පුද්ගලයෙකු 3L පානය කළ යුතුව ඇත. 

නිසි පරිදි ජලය පානය කිරීමෙන් සිරුර සජලීයව පවතී. එම නිසා සිහින් රැළි සහ රේඛා ඇති වීම අවම වේ. එමෙන්ම   සමෙහි රුධිර ගමනාගමනය වැඩිවී සමෙහි පෙනුම කාන්තිමත්භාවය තවත් අයුරකින් කියනවානම් දිදුලන භාවය වර්ධනය වේ.  විශේෂයෙන්ම බොහෝ කාන්තා පිරිමි දෙපාර්ශවයට තිබෙන විශාල ගැටළුවක්වන කුරුළූ ඇතිවීම අවම කිර ගැනීම සඳහාද ජලය පානය කිරීම උපයෝගි වන බව වෛද්‍ය මතයයි.   ජලය නිසි පරිදි නොලැබෙන්නේනම් ඉන් සිදුවන්නේ සමෙහි රැලි සහ සිහින් රේඛා වර්ධනයට වී අකලට මහළු පෙනුම වර්ධනය වේ.  

2. ලස්සන හිසකේ 

නිසි පරිදි ජලය පානය කිරීම මගින් ශරීරයේ PH අගය පවත්වා ගැනීමටද හැකිවේ. විශේෂයෙන්ම හිස්සොරි හෙවත් හිස්කබලයේ වියළි බාවය මැඩපත්වා ගැනීමට විශේෂයෙන්ම ජලය පානය කිරීම වැදගත් සාධකයක් වන අතර ඒ හේතුවෙන් අකලට හිසකෙස් ගැළවී යාම වළක්වා ගැනීමටද ජලය උපකාරී වේ. විශේෂයෙන්ම දිදුලන හිසකේ සඳහාද ජලය අත්‍යාවශ්‍ය වේ. 

3. ක්‍රියාශීලී බව වර්ධනයට

ජලය පානය මඟින් සිරුරේ විජලන තත්ත්වය මුළුමනින්ම මඟහරවා ගැනීමට පුළුවන. විජලනය ඇති වන්නේ ශරීරය වියළීම නිසාවෙනි. එවිට කම්මැලි, ඈලි මෑලි ස්වභාවයක් ඇතිවේ. ජලය පානය කිරීමෙන් පුද්ගල මනසට උත්තේජනයක් ලැබේ. උදෑසන පිබිදීමෙන් පසු හොඳ වතුර වීදුරුවක් පානය කිරීම යහපත් බව වෛද්‍යවරුන් පවසයි.  උදෑසන ජලය පානය මඟින් මුළු දවසම ක්‍රියාශීලි වන බව ඔවුන් පෙන්වා දෙයි. 

4. සිරුරේ බර අඩුවීම

ස්ථුලතාව අද බොහෝ විට දක්නට ලැබෙන ප්‍රචලිත ගැටලුවකි. එමෙන්ම කෙට්ටු වෙන්න කියා විවිධ බෙහෙත් ද්‍රව්‍ය පානය කරමින් විවධ රෝගා බාධ වලට මුහුණ දුන් කිනාත්වන් පිරිමින්ද අප දැක ඇත.  එහෙත් වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ, එවැනි පුද්ගලයන් වැඩියෙන් ජලය පානය කරන්නේ නම්, දීර්ඝ කාලයක් යන විට තමන්ට අවශ්‍ය ලෙස සිරුර පවත්වා ගැනීමට හැකි වන බවයි.

5. ලෙඩ රෝග වැළදීම අවම කරයි

බොහෝ විට මිනිසාට ලෙඩ රෝග වැළඳගන්නේ වෛරස්, බැක්ටීරියා ආසාදන හේතු කර ගෙන ය. ජලය තුළ පවතින සේදුම්කාරක ගුණය නිසා, ජලය පානය කළවිට ශරීරය පිරිසුදු වේ. එවිට සිරුරේ සැඟවී තිබෙන විෂබීජ සියල්ල විනාශ වී යයි. එම නිසා, ජලය නිසි පරිදි පානය කිරීම මඟින් ලෙඩ රෝග වැළඳීම අවම කර ගත හැකි ය.

6. යෝග්‍යතාව වැඩි දියුණු වීම

ව්‍යායාම් මඟින් ශරීරයෙන් ජලය බැහැර වන බව ඔබ අප කොයි කවුරුත් දන්නා කාරණාවකි. එමඟින් ශරීරයේ ඇති අනවශ්‍ය දෑ ඉවත්ව යයි. එසේ ම, ව්‍යායාම කරනවිට, ජලය පානය කිරීමෙන් මුළු සිරුරම සිසිල්වේ. එසේ ම, ව්‍යායාම්වලින් පසු එම ජලය ස්වභාවිකවම ඉවත්ව යයි. දහඩිය මඟින් ජලය ඉවත් වීම හේතුවෙන් , ශරීර යෝග්‍යතාවට ද මනා රුකුලක් ලැබේ.
www.colomboplus.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)