Sunday, September 22, 2024

රෝගියෙකුගෙන් ජපුරට PCR පරික්ෂණ යන්ත්‍රයක් …

Must read

රට මුහුණ දෙමින් ඇති දැවැන්ත අභියෝගය හමුවේ එවැනි තත්වයකට මුහුණ දිමට රජයක් හැටියට නිසි පෙර සුදානමක් නොපැවති බව සැබැවින්ම කණගාටුවකි.
දැන් ඊට ජිවිත වලින්ම වන්දි ගෙවන්න සිදුව ඇත්තේ වෛරසයට ගොදුරු වන ජනතාවටය.

මාධ්‍ය විසින් හෙළිරදව් කර සිටි පරිදි මාර්තු මාසයේ සිට එකදු වෙන්ටිලේටර් යන්ත්‍රයක්වත් සපයා ගැනිමට රජය ක්‍රියාකර තිබුනේ නැත.
කොරෝනා තත්වයට මුහුණ දිම පිළිබදව පසුගිය මාර්තු මාසයේ පැවැති රැස්විමකදි හිටපු අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් අවධාරණය කර තිබුනේ හැකි තාක් PCR පරික්ෂණ පවත්වන ලෙසයි.එමෙන් රෝහල් ඇදන් ප්‍රමාණය වැඩිකිරිම මෙන්ම ටෙන්ටිලේටර්ස් හැකිතාක් වැඩිකිරිමට පියවර ගත යුතු බවය.
මිළඟ රැල්ල මතුවිය හැක්කේ ධිවර හා වතුකර ප්‍රජාව කේන්ද්‍රකොට ගෙන බවද ඔහු එදා කියා තිබුණි.
කෙසේ වෙතත් මේ අවධාරණයන් කිසිවක් ගැන රජය නිසි ප්‍රතිචාර දක්වා තිබුනේ නැත.

තතු මෙසේව තිබියදි ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකු එම රෝහලට පීසීආර් යන්ත්‍රයක් පරිත්‍යාග කර ඇතැයි එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි

පරිත්‍යාග කෙරුණු පීසීආර් යන්ත්‍රය හා එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 80කට ආසන්න යැයි ද හේවගේ මහතා සඳහන් කළේය.

මෙම පීසී ආර් යන්ත්‍රය මඟින් මේ වනවිට දිනකට දෙවරක් පීසීආර් පරීක්ෂණ සිදුකරන බවත් මේ අනුව දිනකට පරීක්ෂණ 200කට ආසන්න සංඛ්‍යාවක් සිදුකළ හැකි බවත් අධ්‍යක්ෂවරයා කීය.

මේ අනුව එම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගත් බවත් පැවසූ අධ්‍යක්ෂවරයා දැන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ බාහිර අංශයට ගොස් ඕනෑම අයෙකුට පීසීආර් පරීක්ෂණයක් කරවා ගැනීමට හැකියාව ඇතැයි ද සඳහන් කළේය.

කොවිඞ් ආසාදිතයෙකු නම් මහජන සෞඛ්‍ය පරීක්ෂක හරහා ද එසේ නොවන්නේ නම් පැය 48කට පසු පස්වරු 3.00 සිට 4.00 දක්වා රෝහලේ විමසීම් කවුළුවෙන් ද වාර්තාව ලබා ගතහැකි බව ද හෙතෙම සඳහන් කළේය.
මුලාශ්‍රය-ලංකාදිප
ඡායා- අන්තර්ජාලයෙනි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)