Sunday, September 22, 2024

රු.මිලියන 65 ක තවත් කේරල ගංජා තොගයක් උතුරේදි අත්අඩංගුවට …

Must read

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කන්කසන්තුරයට උතුරු මුහුදු ප්‍රදේශයේ 2021 ජූලි 25 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 216 ග්‍රෑම් 750 ක පමණ තොගයක් සහ සැකකරුවන් තිදෙනෙක් (03) සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇතැයි නාවික හමුදාව පවසයි.

කන්කසන්තුරයට උතුරු මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, ගොඩබිම දෙසට පැමිණි සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර සිදු කළ පරික්ෂාවේදී, එම ඩිංගි යාත්‍රාව තුල ගෝනි උර හයක (06) පාර්සල් වශයෙන් අසුරන ලද කේරල ගංජා කිලෝ 216 ග්‍රෑම් 750ක පමණ තොගයක්, සැකකරුවන් තිදෙනෙක් (03) සහ වියළි කහ කිලෝ 19ක පමණ ප්‍රමාණයක්ද සමඟින් එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 65 කට අධික වෙතැයි විශ්වාස කරන අතර, මෙම කේරළ ගංජා තොගය අන්තර් ජාතික මුහුදු සීමාවේදී සැකකරුවන් විසින් ඩිංගි යාත්‍රාවට ලබා ගෙන ගොඩබිමට ගෙන ඒමට උත්සහ කරන්නට ඇතැයි නාවික හමුදාව සැක කෙරේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 ත් 34ත් අතර වයසේ පසුවන කන්කසන්තුරය වළලායි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය කරගත් අතර, එම සැකකරුවන්, කේරළ ගංජා තොගය, වියළි කහ සහ ඩිංගි යාත්‍රාව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


මුලාශ්‍රය -navy.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)