පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී දැරියක් පිළිස්සී මියගිය සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ බිරිඳ, ඇයගේ පියා සහ දැරිය රැගෙන ආ තැරැව්කරු අත්අඩංගුවට ගෙන ඇති බව ada.lkවෙබ් අඩවිය වාර්තා කොට තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඒ බව සඳහන් කර ඇතැයිද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.
ගිනි තබාගැනිමෙන් පිලිස්සුම් තුවාල සහිතව පසුගියදා මිය ගිය දැරියට යුක්තිය ඉටුකරන ලෙස උද්ඝෝෂණ කිපයක්ම විවිධ ප්‍රදේශවලදි සංවිධානය කර තිබුණි.