Saturday, September 21, 2024

රාහුල් සමන්ත , චමුදිත සහ මුලතිව් විශ්වලිංගම්

Must read

ර‌ාහුල් සමන්ත කියන මාධ්‍යවේදියාට දුමින්ද සිල්වා විසින් කර තිබුනේ යැයි කියන බලපෑමක් ගැන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැනටමත් නිවේදනයක් නිකුත් කර තිබේ.
රටේ කොයි තැනකදි හෝ මාධ්‍යවේදියෙකුට කවරෙකු හෝ විසින් කිනම් ආකාරයේ හෝ තර්ජනයක් කරන්නේ නම් එයට එරෙහිවිමට මාධ්‍ය සංවිධාන පමණක් නොව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන කොයිකව්රුත් පෙරට පැමිණිය යුතුමය.

ඒ් අනුව රාහුල් සමන්තට දුමින්ද සිල්වා විසින් කර ඇතැයි කියන තර්ජනයට ආදල හඩ පටයද දැන් මාධ්‍ය වලට මුදා හැර තිබේ. එයට අනුව දුමින්ද සිල්වා කියන්නේ රාහුල් විසින් අදාල ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සිදුකරන ලද මාධ්‍ය ආවරණය හිරු එකට යවන්නට එපා කියාය.
රාහුල් පෙරලා එයට පිළිතුරු දෙමින් කියන්නේ නැ මම හිරු එකට යවන්නේ නැ මෙතන හිරු ඒකේ අය ඇවිත් ඉන්නවා ඔයාට වැරදිමක් වෙලා තියෙන්නේ කියල.
මේක තමයි අදාල සිදුවිමේ හරය.

විශ්වලිංගම්ට පහරදිමට පැමිණි සොල්දාදුවෙක් ගල්කැටයක්ද අතැතිව


එමෙන්ම පසුගිය දිනක මාධ්‍යවේදි චමුදිතගේ නිවසට කිසියම් පිරිසක් විසින් පහර දිම සම්බන්ධයෙන් ලංකාවේ ඇති මාධ්‍ය සංවිධාන මෙන්ම මාධ්‍ය ආයතනද මහත් උනන්දුවකින් ඒ ගැන කටයුතු කර තිබුන අයුරු අපදැක ගත් හැකිවිය.

චමුදිත‌ගේ මාධ්‍ය භාවිතය ගැන ගැටළු රැසක් බොහෝ දෙනෙකුට තිබුනද මාධ්‍යවේදියෙකුට කිසිදු ආකාරයක බලපෑමක් හිරහැරයක් සිදුකිරිමට කව්රුන් හෝ උත්සාහ කරන්නේ නම් කොන්දේසි විරහිතව එයට එරෙහි විය යුතුය.

තතු මෙසේව තිබියදි පසුගිය නොවැ 27 වෙනිදා මුලතිව් මාධ්‍ය සමාජයේ භාණ්ඩාගාරික විශ්වලිංගම් විසින් මුල්ලිවෛයිකාල් නාමපුවරුවේ ඡායාරුපයක් ගනිමින් සිටියදි හමුදා වේ පිරිසක් විසින් අමානුෂික ඔහුට පහර දි තිබුණි.
මේ පහර දිම සදහා කටුකම්බි ඔතන ලද තල්පිත්තක් භාවිතා කර තිබුණ බවද පසුව හෙළිව තිබුණ අතර එහි ඡායාරුපද පළවිය.
පොලිසිය විසින් මේ තල්පිත්ත පවා රැගෙන යන අයුරුද මුලතිව් මාධ්‍යවේදින් විසින් ඡායාරුපයට නගා තිබුණි.

අත්වලින් ලේ පෙරෙමින් විශ්වලිංගම් මුලතිව් රෝහලට ඇතුලත් කරනු ලැබු අතර දින 2 ක් නේවාසිකව ප්‍රතිකාරද ලබාගෙන තිබුණි.

විශ්වලිංගම්ට සිදුකරන ලද ප්‍රහාරයට එරෙහිව ගම්පහ දිස්ත්‍රික් මාධ්‍ය සංවිධාන විසින් පවත්වනු ලබු විරෝධතාවය.



ලංකාවේ මාධ්‍ය සංවිධානවල උනන්දුව කෙසේ ද යත් අප දන්නා තරමින් කොළඹ කේන්ද්‍රිය දකුණේ මාධ්‍ය සංවිධාන කිසිවක් මේ ම්ලේච්ඡ ප්‍රහාරය ගැන කිසිදු නිවේදනයක් නිකුත් නොකර මුනිවත රැක තිබුණි.

ප්‍රගතිශිලි මාධ්‍ය මෙහෙවරයක් කරනවා යැයි ඔවුන් විසින් සිතා සිටින එක්තරා මාධ්‍ය ආයතනයක දමිළ අංශයේ කර්තෘ වරයෙකු මේ සිදුවිම බ‌ොරුවක් යැයි මිගමුවේ සිය වාර්තා කරු ට කියා තිබුනේ මේ සම්බන්ධයෙන් මිගමුවේ පැවැති විරෝධතාවයක් ආවරණය කරන්නටදැයි ඒ් මාධ්‍යවේදියා විමසා සිටි අවස්ථාවේදිය.
දමිළ ප්‍රවෘත්ති අංශයක සිටින ප්‍රවෘත්ති කර්තෘ එලෙස ගෝත්‍රිකයන් ලෙසින් හැසිරිම සැබැවින්ම පිළිකුල් සහගතය.

මේ ආකාර ගෝත්‍රික බවක් මේ අය අතර උතුරේ සහ නැගෙනහිර මාධ්‍යවේදින් අරභයා ඇතිව තිබනේනේ ඇයි.විශ්වලිංගම් සිංහලයෙකු වි මේ පහර කැමට දකුණේදි මුණ දුන්නේ නම් ගෝඨාභයට රෙදි ඇදගෙන කඩේ ගිය, සිංදු කියපු යුටියුබ් කාරයන්ද දවස් ගණන් මේ ප්‍රහාරය උඩ දමනවාට සැක නැත.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යනු රටේ ජාතින්ගේ අයිතිය පිළිබදව ප්‍රතිපත්ති මුලික කටයුතු කළ ආරම්භයකයන් විසින් ගොඩනගන ලද සංවිධානයක් වුවද දැන් ඒ ජීව ගුණය එහි නැති බව දිනෙන් දින වඩාත් පැහැදිලි වෙමින් තිබේ.
දෙමළාගේ ප්‍රදේශයට ගොස් මාධ්‍යවේදින් රැස්කර මානව හිමිකම් ගැන කථා කරන්නේ එය ව්‍යපෘති‌යේ ඇති නිසා බව දමිල මාධ්‍යවේදින් පවා දැන් ඉතා හොදින් දනි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මුලිකයන් විසින් පසුගිය දිනක මුලතිව් වලට ගොස් ඒ් ප්‍රදේශයේ මාධ්‍යවේදින් රැස්කර මානව හිමිකම් ගැන වැඩමුළුවක් කර තිබුන බව මෙහිලා සදහන් කළ යුතුව තිබේ..

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භකයන් වන සුනන්ද දේශප්‍රියලා මේවා ගැන කියන්නේ කුමක්දැයි දැනගැනිමටද අප කැමැත්තෙන් සිටිමු.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)