Sunday, September 22, 2024

රස්සාවකට රට යනවා නම් ෆයිසර් එන්නත විදගන්න වෙයිද ?

Must read

දැන් රටපුරාම ලබාදෙමින් ඇත්තේ චීන එන්නතයි . එම එන්නතේ තවත් තොග මෙරටට ලැබිමටද නියමිතය.
තතු එසේ වුවද විදේස් රටවල් රැකියාවන් සඳහා පිටත්ව යන අය විසින් විදගත යුත්තේ කුමන එන්නතද යන්න දැනටමත් කථාබහක් මතුව තිබේ.
ඒ අනුව චිනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් ලබාගෙන ඇතත් ඇතැම් රටවල් වලට ඇතුලු විමට දැනටමත් බාධාව මතුව ඇතැයිද සැලය.
මේ අතර ඇතැම් වීසා අනුමතව විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියලුදෙනාට එම රටවල් පිළිගන්නා කෝවිඩ් මර්දන එන්නත් ලබාදීමට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පසුගියදා පවසා තිබුණි.

මේ වන විට රටවල් පහළොවකට පමණ රැකියා බලපත්‍ර සහ වීසා අනුමත වූ ලාංකික ශ්‍රමිකයන් 8000කට ආසන්න පිරිසක් එම රටවල් පිළිගන්නා කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටින බව නිව්ස්වයර් වෙබ්අඩවියද සඳහන් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශයේ බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා එම අදහස් පළ කර තිබේ.

ඒ අනුව ඩුබායි, බහරේන්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, ඕමාන්, කටාර්, සෞදිඅරාබිය, සීෂෙල්ස්, සිංගප්පූරුව, දකුණුකොරියාව, මාලදිවයින, මැලේසියාව,ඊශ්‍රායලය, සයිප්‍රස් යන රටවලට එම ශ්‍රමිකයන් රැකියා සඳහා යාමට නියමිතය.

එම රටවල් පිළිගන්නා කොවිඩ් මර්දන එන්නත වන්නේ ෆයිසර් එන්නත බැවින් එම ෆයිසර් එන්නත එම විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිත සියලුදෙනා ට ලබාදීමට කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් මෙහි දී සිය එකඟ පළ කර ඇත.

ඒ අනුව ඉදිරි සතියේ දී කොළඹ මධ්‍යස්ථානයක දී එම සියලුමදෙනා ට එම එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමටත් නියමිත පරිදි දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දී ඔවුන්ට ඉදිරි මාස දෙකක් ඇතුළතදී විදේශගත වීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට මෙහි දී අවධානය යොමුව ඇත.

එසේම එම විදේශ රැකියා සඳහා යාමට රැකියා අවස්ථා ලැබ සිටින බොහෝ දෙනෙකු වයස අවුරුදු 30ට අඩු තරුණ තරුණියන්  නිසා ඒ පිළිබඳව විශේෂයෙන් සලකා බලා ඔවුන්ට එම එන්නත ලබා දීමට මෙහි දී සාකච්ඡා කර තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)