Sunday, September 22, 2024

රනිල් පාර්ලිමේන්තු නොඑන බව කියයි..මන්ත්‍රිධුරය පක්ෂයේ තරුණ සමාජිකයෙකුට !

Must read

( 9.30 pm ) එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පත් කිරීමේ සුදානමක් ඇති බවට පලවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු පැවසු බව theleader.lk වෙබ් අඩවිය කියා සිටි.
එජාප ජේෂ්ඨයා theleader.lk ඒ බව කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා එම පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා වී ඇති බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඔවුන් කළ විමසීමකදීය.
    මෙය කිසියම පාර්ශවයක් විසින් සැලසුම් සහගතව ‘ප්ලාන්ට්’ කළ පුවතක් බව රනිල් වික්‍රමසිංහ ගේ අදහස වී ඇතැයි ද එම ප්‍රකාශකයා වැඩි දුරටත් කියා සිටියේය.   

මේ අතර පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු ආසනය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හට ලබා ගන්නා ලෙස පක්ෂයේ ජේෂ්ඨයින් විසින් සිදුකළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව “ඩේලි මිරර් වෙබ් අඩවිය” වාර්තා කර තිබේ

ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය පක්ෂයේ තරුණ සාමාජිකයෙකු හට ලබාදිය යුතු බවට එහිදී එක්සත් ජාතික පක්ෂ නායකයා විසින් යෝජනා කර ඇති බැව් වැඩිදුරටත් ඒ පුවතේ සදහන්ය

ඊයේ සිරිකෝත පක්ෂ මුලස්ථානයේදී පැවති රැස්වීමකදී පක්ෂයේ ජේෂ්ඨයින් ලිපියක් අත්සන් කර රනිල් වික්‍රමසිං මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාර ගන්නා ලෙස ඉල්ලා තිබුණි

පක්ෂය ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කළ යුතු බවත්, පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජාතික ලැයිස්තුවේ සිටින සාමාජිකයෙකු අවස්ථාව ලබාදිය යුතු බවත් අනෙක් සියලුම සාමාජිකයන් බිම් මට්ටමින් පක්ෂය ප්‍රතිව්‍යුහගත කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය බවයි මෙහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත

කෙසේ වෙතත්, එක්සත් ජාතීක පක්ෂයේ ජේෂ්ඨ සාමාජිකයින් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළකරමින් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ ජෙෂ්ඨත්වය හා පළපුරුද්ද මත පදනම්ව ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනය ලබා ගැනීමට හොඳම විකල්පය බවයි.

දෙසැම්බර් මාසයේදී පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තමන් සූදානම් බවත් ජනවාරි මාසය වන විට නව නායකයෙකු පත් කිරීමේ සුදානමක් ඇති බව ද පක්ෂයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන නායකත්වයට පත් කිරීමට ඉඩ ඇති බව ද පක්ෂයේ ජේෂ්ඨයින් අදහස් පළකර සිටිති

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)