Sunday, September 22, 2024

රට සන්සුන්, හදිසි නීතිය දීර්ඝ කරන්නේ නැහැ – ජනපති කියයි

Must read

මෙම සතියේ අග අවසන්වීමට නියමිත හදිසි නීතිය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.
එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ රටේ තත්ත්වය නැවත යහපත් අතට හැරී ඇති බැවින් හදිසි නීතිය දීර්ඝ නොකරන බවය.

මේ මස 18 වන දායින් හදිසි නීතිය අවසන් වීමට නියමිතව තිබිණි.

ඊට හේතුව ජූලි 18 වන දා පැනවූ හදිසි නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලැබුවේ, ජූලි 27 වන දා වන අතර නැවත පාර්ලිමේන්තුව කල් තබා ඇත්තේ අගෝස්තු 29 වන දා දක්වා ය.

ඒ අනුව, අගෝස්තු 18 වන දා වන විට හදිසි නීතිය සම්මත කොට මසක් ගත වන අතර එම නීතිය නැවත පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලබන්නේ, මසක් ඉක්මවීමට පෙර ය.

එම නීතිය නැවත දීර්ඝ කරන්නේ නම්, එය නැවත මසක් ඉක්මවීමට පෙර පාර්ලිමේන්තුව අනුමත කළ යුතු ය.

හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකිරීමේ තත්ත්වයක් උදා වී ඇතයි ‘ද ලීඩර්’ ඊයේ (15) වාර්තා කළේය.

ජාත්‍යන්තර සංවිධානවලින් විවේචන !

හදිසි නීතිය ඉවත්කරන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වලින් රජය වෙත දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබේ.

විරෝධතා මර්දනය කිරීම සඳහා ලංකාණ්ඩුව හදිසි නීතිය නැවත නැවත භාවිතා කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් විසින් ජීනිවා හි දී හෙළා දුටුවේය.

ආර්ථික කඩාවැටීමක් මධ්‍යයේ සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීමට සහ ඔවුන්ගේ දුක්ගැනවිලි ප්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් විසින් 2022 අප්‍රේල් 2දා සිට රට තුල හදිසි නීතිය පුළුල්, දීර්ඝ හා නැවත නැවතත භාවිතා කිරීම එම මානව හිමිකම් විශේෂඥ‍යින්ගේ දැඩි විවේචනයට ලක්විය.
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)