Saturday, September 21, 2024

යුද පීඩිත දෙමළ ජනයාගේ ඉඩම් අල්ලන්නට ගොස් ආණ්ඩුව පසුබසී

Must read

මුලතිව් – කුරුන්තුර්මලේ දෙමළ ජනයා පදිංචිව සිටී ඉඩම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අත්පත් කරගැනීමේ වෑයමක් ප්‍රදේශවාසීන්ගේ විරෝධය හේතුවෙන් ව්‍යවර්ථවී තිබේ.



විරෝධය දැක්වූ කුරුතුර්මලේ – තන්නිමුරුප්පු ජනතාව කියා සිටියේ 1984 පැවති යුද ගැටුම් නිසා ප්‍රදේශය අත්හැර ආරක්ෂක ස්ථාන කරා ගිය ඔවුන්ට යුද්ධය අවසන්ව වසර 14 ක් ගත වී ඇතත් මෙතෙක් නැවත පදිංචිවීමට අවස්ථාව ලබා දී නොමැති බවයි.

1933 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව කුරුන්තුර්මලේ පුරා විද්‍යා භුමිය අක්කර 78 කි. එහෙත් 2022 වසරේදී කිසිදු දැනුම් දීමකින් තොරව ජනතාව එතෙක් පදිංචිව සිටී ඉඩම් අක්කර 306 ක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අත්පත් කරගෙන තිබේ.

මෙසේ පවරාගත් ඉඩම් කුරුන්තුර්මලේ බෞද්ධ විහාරස්ථානයට අයත් බවට පවසමින් මායිම් සලකුණු කිරීමටද පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ක්‍රියාකර ඇතැයි ප්‍රදේශවාසීන්ගේ විරෝධයට එක්ව සිටී පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝහරාර්දලිංගම් පෙන්වාදෙයි.

”පවරා ගත් ඉඩම් වලට ජනතාව පදිංචි වී සිටි වගා බිම් වලට අමතරව  පාසල්, තැපැල් කන්තෝරු හා වී ගබඩා වලට අයත් ඉඩම් හා ගොඩනැගිලි ද තියෙනවා.”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය වව්නියා සංචාරයේදී කියා සිටියේ දැනටමත් ගැසට් මගින් නිවේදනය කර ඇති කුරුන්තුර්මලේ පුරාවිද්‍යා භූමියට අයත් ඉඩම් අක්කර 78 ට අමතරව තවත් අක්කර 05 පමණක් පවරා ගන්නා බවයි.

එම අක්කර 05 මැනීමට පසුගිය දා එහි ගිය මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම් උමා මහල් මනිවන්නම් ඇතුළු ඉඩම් හා මැනුම් නිලධාරීන්ට විරෝධය දක්වමින් තන්නිමුරිප්පු ජනතාව කියා සිටියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඉඩම් පවරා ගැනීමට පෙර දැනටමත් ඔවුන් අත්පත් කරගෙන ඇති ඉඩම් නිදහස් කර යළි පදිංචිවීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.

එම ඉඩම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන ඉන්පසු යළි පදිංචි වීමට ඉඩ සලසන බවට මුහුදුබඩපත්තුව ප්‍රාදේශිය ලේකම්වරිය කියා සිටිය ද  එය පිළිනොගත් තන්නිමුරිප්පු ජනයාගේ විරෝධය නිසා ඉඩම් මැනීම තවකාලිවක අත්හැර දැමීමට සිදුවූ බව එහි ගිය වන්නි මාධ්‍යවේදියෝ පවසති.

ප්‍රාදේශීය ලේකම්වරියගේ විසදුම ගැන ඉඩම් අහිමි තන්නිමුරිප්පු ජනයා පවසන්නේ අත්පත් කර ගත් තම ඉඩම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්  නිදහස් කරගෙන වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා දීම  ”එක් යකකුගෙන් තවත් යකකුට බාර දීමක්” ලෙසයි.

aan 1
aan 2

JW
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)