Saturday, September 21, 2024

‘මේ දෙමාපියන්ගෙ අධිමානය බරපතල ලෙස ප්‍රදර්ශනය වන දවස් කිහිපයකි.’ -කුසල් පෙරේරා

Must read

wechat sharing button

( 6.30 am ) මේ දෙමාපියන්ගෙ අධිමානය බරපතල ලෙස ප්‍රදර්ශනය වන දවස් කිහිපයකි. දරුවාගේ 05 ශිෂ්‍යත්ව ප්‍රතිපල අනුව එය තීන්දු වන්නකි.   

දෙමාපියන් ගණන් හදන්නේ මුළු ලකුණු 200 ට කෙතරම් ආසන්න ලකුණු ප්‍රමාණයක් තම දරුවා ගත්තාද කියන කාරණාවය.    අවම තරමින් දරුවා මෙවර කැපුම් මට්ටම වන 169 ඉක්මවා සිටිය යුතුය.    නැතිනම් දරුවාට සැළකෙන්නේ මහා පව්කාර, තමන්ට අවමානයක් කළ ළමයෙකුට මෙනි. 

  දෙමාපියන් ගුරුවරුන් වන්නේ නම් එය තවත් බරපතලය.    තමන්ගේ අධිමානයට එය සැසඳෙන්නේ නැතැයි ඔවුන් තීන්දුකර ඇති හෙයිනි.   මා දන්නා තරමින් ලොව පිළිගත් සම්මතය වන්නේ මුළු ලකුණු වලින් සියයට 35 ක් ගත් විට විභාගය සමත් ය.    එබැවින් 05 ශිෂ්‍යත්වයෙන් ලකුණු 70 ට වැඩියෙන් ගත් හැම දරුවකුම විභාගය සමත්ය. 

  එහෙත් කැපුම් මට්ටම 169 යැයි තීන්දු කෙරෙන්නේ දරුවා නොව ආණ්ඩු අසමත් නිසාවෙනි.    සමත්වන සියලු දරුවන්ට ශිෂ්‍යත්වය ප්‍රදානය කිරීමට හැකි අයුරු අධ්‍යාපන පහසුකම් හා සම්පත් දියුණු කිරීමට ආණ්ඩු අසමත්ව ඇති හෙයිනි.    අසමත් ආණ්ඩු විසින් තමන්ගේ අසමත්කම වසා ගන්නට තීන්දු කරන ලකුණු කැපුම් මට්ටම පරයා ලකුණු ගැනීමට දෙමාපියන්  දරුවන්ගේ හැකියාවන් උරච්චි කිරීමේ අහේතුව මැනිය හැක්කේ, මීට අවුරුදු 08 ට පෙර අවුරුදු 03 ක 05 ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ වැඩිම ලකුණු ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද ඉන්නා තත්ත්වය සැළකීමෙනි.  

ඒ තොරතුරු නිවැරදිව ඉදිරිපත් කළ හැක්කේ නම් මෙවර ඉතා අසාධාරණ ලෙස දෝස දර්ශනයට ලක් කෙරෙන සිසු සිසුවියනට සහනයක් ලබා ගත හැකි වනු ඇත.    එවගේම 05 ශිෂ්‍යත්ව විභාගයෙහි සැබෑ වටිනාකම මැනිය හැකි වනු ඇත.       Kusal Perera j(කුසල් පෙරේරා) ප්‍රවීන දේශපාලන හා සමාජ විශ්ලේෂක  2020 නොවැ. 16

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)