Sunday, September 22, 2024

මුහුදේ ගත කළ රෝහින්ග්‍යා සරණාගතයන් 270ක් සිරගත කිරීමට මලේසියාව පියවර ගනී

Must read

Thursday, ජුනි 11, 2020 – 01:00 විදෙස්

කොරෝනා වසංගතය හේතුවෙන් වරාය වසා දැමීම් නිසා මාස දෙකකට අධික කාලයක් මුහුදේ ගත කළ රෝහින්ග්‍යා සරණාගතයන් 270කට ආසන්න පිරිසක් සිරගත කිරීමට මැලේයාසියාව පියවර ගත්තේය. මේ පිරිස පසුගිය අප්‍රේල් මාසයේ දකුණු බංග්ලාදේශයෙන් පලා ආ නමුත් ඔවුන්ට ගොඩබිමක් වෙත පැමිණීමට අවස්ථාව නොතිබිණි.

ඔවුන් පැමිණි අබලන් ට්‍රෝලරයට මැලේසියානු දේශසීමා ආරක්ෂකයින් බාධා කිරීම නිසා ඇතැම් සරණාගතයෝ මුහුදට පැන පිහිනා ඒමට උත්සාහ දරා ඇත. මියෙන්මාරයේ දී තමන්ට මුහුණ දීමට සිදුවන පීඩාවන් නිසා මුස්ලිම් සම්භවයක් ඇති රෝහින්ගයා ජාතිකයෝ වසර ගණනාවක් තිස්සේ එරටින් පලා එති. මේ ඇතැම් අය යාබද බංග්ලාදේශයට පලා යන අතර, එහි පිහිටි කොක්ස් බසාර් සරණාගත කඳවුරේ මිලියනයකට අධික පිරිසක් සිටිති. ඇතැම් අය කලාපයේ පිහිටි මුස්ලිම් රාජ්‍යයක් වන මලයාසියාවට යාමට උත්සාහ කරති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)