Sunday, September 22, 2024

මුල්ලිවයිකාල් සැමරුමට අධිකරණයෙන් අවසර ! ආණ්ඩුවෙන් ලොක්ඩවුන් ?

Must read

යුද්ධයෙන් මිය ගිය අය වෙනුවෙන් පවත්වන සැමරුම් සතියේ අවසන් දිනය හෙට යෙදා ඇත.
පසුගිය බ්‍රහස්පතින්දා මුලතිව් ප්‍රදේශයේ පොලිසි 7 ක් විසින් මෙම සැමැරුම පැවැත්විම ඉඩ නොදෙන ලෙස ඉල්ලා කර තිබුණ ඉල්ලිම පිළිගනිමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබුණද , මුල්ලිවයිකාල් සැමැරුම් කණ්ඩායම අද සිය නිතිඥයන් මගින් අධිකරණ නියෝගයට ප්‍රශ්ණ කර තිබිමත් සමගින් අධිකරණය සැමරුම පැවැත්විමට අවසර ලබා දි තිබුණි.
මේ අතර අද රාත්‍රියේ රජය හදිස්සියේ නිවේදනය කර තිබුණේ මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු, මුලතිව් සහ මුලියාවේලි පොලිස් බලප්‍රදේශ අද රාත්‍රී 11 සිට හුදකලා කෙරෙන බවය
හෙට පැවැත්වෙන සැමරුම සදහා මේ වන විටත් යාපනය ඇතුලු විවිධ ප්‍රදේශවල සිට ජනයා පැමිණ ඇතැයි එහි සිටින මාධ්‍යවේදින් අප කළ විමසුමකදි කියා සිටියේය.

කෙසේ වෙතත් පුදුකුඩිඉරිප්පු ඇගළුම් කම්හලක සේවක සේවිකාවන 261 දෙනෙකුට කොරොනා ආසාදනය වි ඇතැයි තහවුරු නොකළ වාර්තා දක්වා තිබේ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)