Sunday, September 22, 2024

මුලතිව් මාධ්‍යවේදියාට මඩගහන්න හදපු විඩියෝව අතේම පත්තුවෙයි ?

Must read

හමුදා සොල්දුදුවන් පිරිසකගේ ම්ලේච්ඡ ප්‍රහාරයකට ලක්වු මුලතිව් මාධ්‍යවේදි විශ්වලිංගම් ලේ පෙරුන තුවාල සහිතව රෝහල් ගතව සිට දැන් නිවස බලා ගොස් තිබේ.

මේ ප්‍රහාරයට සම්බන්ධ වු සොල්දුදාදුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඒසැනින්ම ඇප ලබා ගෙන තිබුණි.
විශ්වලිංගම්ව පහර දෙන ආකාරය ඇසින් දුටුවන් මුලතිව් මාධ්‍ය සමාජයේ සාමාජිකයන් පවසා තිබුනේ ඒය එතරම් තිරිසන් බවය.

මේ අතර මාධ්‍යවේදි විශ්වලිංගම්ට එරෙහිව මඩක් නිර්මාණය කිරිමට මඩ වෙබ් අඩවියක් විසින් ඊයේ දිනයේ පළකළ  පුවතක් හමුදා සොල්දුදුවන්ගේ පැටිකිරිය තරම අතේම පත්තු වි තිබුණි.

ඒහි දැක්වෙන විඩියෝවක සිටින විශ්වලිංගම් පසුපස හඹා එන සොල්දුදුවා අතේ ගලක් පවා තිබිමෙන් කියැවෙන්නේ කුමක්ද ?කැමරාවක් ,දුරකථනයක් පමණක් ඇතැතිව සිටි විශ්වලිංගම් පිටුපස හඹා එන සොල්දුදුවා ලග තුවක්කුවට අමතරව ගලක් තිබේ.
ඉන් කියැවෙන්නේ උතුරේ ක්‍රියාත්මක හමුදා මර්ධනයේ තරම නොවේද ?

මෙහිදි මතුවෙන තවත් ගැටළුව මෙම විඩියෝ විශ්වලිංගම් සිය ජංගම දුරකථනයෙන් විඩියෝ කරමින් සිටින බව පෙනේ . ඔහුගේ ජංගම දුරකථනය හමුදාව විසින් උදුරාගෙන තිබුන අතර එහි දත්තද ඒ් අනුව ලබාගැනිමට හමුදාව කටයුතු කර ඇති අන්දම මෙම මඩ වෙබ් අඩවියක් වෙතට මේ විඩියෝව පත්ව තිබිමෙන් තවත් ඔප්පුවේ .

පහර පිට පහර එල්ල කරමින් සිටි සොල්දාදුවන්ව එහි සිටි ඇතැමුන් මැදිහත්ව නවතා දමන්නට කටයුතු නොකළේ නම් විශ්වලිංගම්ගේ තත්වය තවත් දරුණු විය හැකිව තිබුන බව මුලතිව් මාධ්‍යවේදින් ප්‍රකාශ කර සිටිති.

මාධ්‍යවේදියාට පහර දුන් සොල්දාදුවන් හෙට දිනයේ මුලිතිව් පොලිසියට කැදවා ඇති අතර පහර කැමට ලක්වු මාධ්‍යවේදි විශ්වලිංගම්ට පොලිසියට ඒන ලෙස පවසා ඇත්තේ සමාදානයට කැමතිද නැතිනම් උසාවි යන්නේද යන කරුනු ගැන යැයි වාර්තා වේ.
මේසා තිරිසන් ප්‍රහාරයක් කළ පසු උතුරේදි නිතිය ක්‍රියාත්මක වෙන ආකාරයෙන් පවා කියැවෙන්නේ එක රටක් නීති ගොඩක් යන යථාවම නොවේද ?


- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)