ඊයේ පෙරවරුවේ මුල්ලිවයිකාල් ප්‍රදේශයේ මාධ්‍ය ආවරණයක නියැලි සිටි මාධ්‍යවේදි විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් පහරදුන් හමුදා සොල්දාදුවන් තිදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි මුලතිව් මාධ්‍ය සමාජයේ ක්‍රියාකාරි න් පවසා සිටිති.
මුල්ලිවයිකාල් නාමපුවරුවේ ඡායාරූපයක් ගනිමින් සිටියදි මෙම පහරදිම සිදුව ඇත.
කටුකම්බි ඔතන ලද තල්පිත්තකින් කළ පහරදිම නිසා ලේ වැගිරෙමින් සිටි විශ්වලිංගම්ව මුලතිව් රෝහලට ඇතුලත් කර තිබුණි.
අප කළ විමසුමකදි රෝහලේ වැඩබලන අධ්යක්ෂවරයා කියා සිටියේ අධිකරණ වෛද්‍ය නිළධාරියාව වෙත අද විශ්වලිංගම්ව ඉදිරිපත් කරන බවය.