Sunday, September 22, 2024

මියන්මාර හමුදා ජුන්ටාව නිළ වශයෙන් පිළිගෙන ඇති ඇමති දිනේශ්ට එරෙහිව විරෝධතා ….

Must read

හමුදා කුමන්ත්‍රණයක් හරහා බලය අල්ලා ගත් මියන්මාර් හමුදා ජුන්ටාවේ විදේශ කටයුතු අමාත්‍ය වුන්නා මාවුං ල්වින් මහතාට BIMSTEC සමුළුවට සහභාගි වන ලෙසට ආරාධනා කරමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යැවූ ලිපියක් නිසා දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් මතු වී තිබේ.

මියන්මාරයේ වැසියන් බොහෝ දෙනෙකු ට්විටර් ඔස්සේ අදහස් පළ කරමින් පවසා ඇත්තේ, මෙම ආරාධනාව හරහා ශ්‍රී ලංකා රජය වක්‍ර ලෙස මියන්මාරයේ හමුදා පාලනය පිළිගෙන ඇති බවය.-

මේ අතර, මෙම ලිපිය හරහා මියන්මාර හමුදා ජුන්ටාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පිළිගැනීමක් සිදු වන්නේ ද යන්න පිළිබඳව ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ විශ්ලේෂක නාලක ගුණවර්ධන කියා තිබුනේ

“මෙම ලිපිය හරහා රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතුවන,” බවය.

“මේ ලියුම නමක් සඳහන් නොකර තනතුරට යැව්වා නම් මෙහෙම තත්ත්වයක් උද්ගත වෙන්නෙ නෑ. ඒත් මේ ලිපිය අලුත් විදේශ කටයුතු අමාත්‍යවරයාගේ නමින් යවා තිබීම නිසයි මේ ගැටලුව මතු වුණේ. රජයක් විදිහට මේ ආරාධනාව යවනකොට නම සඳහන් නොකර යවන්න තිබුණා,” නාලක ගුණවර්ධන මහතා මව්බිමට ප්‍රකාශ කොට තිබේ

විදේශ ඇමතිවරයාගේ මේ ක්‍රියාකලාපය මියන්මාර ජනතාව දැඩි ලෙස හෙළා දැක තිබේ.ඔවුන් සිය අදහස් ටුවිටර් පණිවිඩ මගින් ප්‍රකාශ කොට තිබේ.

මේ අතර, මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව මියන්මාර් ජනතාව‌ට සහය පළකරමින් ඊයේ ( 10 ) දිනයේ අද කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

මෙම විරෝධතාව පැවැත්වුණේ, ශ්‍රී ලංකාවේ මියන්මාර් තානාපති කාර්යාලය ඉදිරිපිටදීය.මියන්මාර ජනතා සහයෝගිතා කමිටුව විසින් මෙය සංවිධානය කර තිබුණි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)