Sunday, September 22, 2024

මාධ්‍ය ප්‍රකාශකට මාධ්‍ය නිදහස නොදෙන උදවිය ඡන්දෙන් පස්සෙ මාධ්‍ය නිදහස දෙයිද?

Must read

මාධ්‍ය ප්‍රකාශකට මාධ්‍ය නිදහස නොදෙන උදවිය ඡන්දෙන් පස්සෙ මාධ්‍ය නිදහස දෙයිද? කොළඹට කැටිපෙ අසයි.

තමන්ගේම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ මාධ්‍ය නිදහස අහුරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන දේශපාලඥයන් මහමැතිවරණයෙන් අනතුරුව රටේ මාධ්‍ය නිදහස සහතික කරනු ඇතැයි සිතිය නොහැකි බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විමල් කැටිපෙආරච්චි ප්‍රකාශ කරයි. 

ඔහු මේ බව ප්‍රකාශ කළේ කැස්බෑව ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි. 

” පොදු ජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකවරයා අපේ සහෝදර මාධ්‍යවේදියෙක්. ඔහු සමඟ දේශපාලන ගැටලු තිබෙනවා තමයි. එහෙත් ඔහුගේ වුණත් භාෂණයේ නිදහස කප්පාදු කරනවා නම් අපි ඒකට විරුද්ධයි. මෙවැනි පාලකයින්ගෙන් රටේ මාධ්‍ය නිදහස බලාපොරොත්තු වීම විහිළුවක්. ” යනුවෙන් විමල් කැටිපෙආරච්චි වැඩිදුරටත් පැවසීය.

කතාකිරීම තහනම් මාධ්‍ය ප්‍රකාශක !

ඔහු මෙම කාරණය සඳහන් කර සිටියේ ‘පොහොට්ටු’ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පසුගිය 22 දා ගාල්ලේ දී සිදුකල ආන්දෝලනාත්මක ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

ප්‍රකාශ සිදු කිරීමට අවසර නැති පක්ෂයේ ප්‍රකාශක සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ එහිදී මෙසේ පැවසිය.

”පක්ෂයේ ප්‍රකාශක විදියට විතරයි එයත් එතුමා වගේම ප්‍රකාශක වුණාට ප්‍රකාශ කරනවා ඇහිලා නෑහැනේ ඔයාලට කවදාවක්වත්. එයාට ඒක දුන්නේ ඒක ගන්නකෙටම කිව්වා ඔයාට කරන එකම ඉල්ලිම මෙච්චරයි ඔයා පක්ෂයේ ප්‍රකාශක වෙන්න.. හැබැයි ප්‍රකාශ කරන්න බෑ. මොකද ප්‍රකාශ කරොත් හම්බෝ අප්පේ කරොත් ඉවරයි මොකක්හරි ලෙඩක්”

බැසිල් රාජපක්ෂගේ ප්‍රකාශය ගැන ‘කලම්බෝ ටෙලිග්‍රාෆ්’ කර්තෘ ප්‍රවීන මාධ්‍යවේදී උවිඳු කුරුකුලසුරියගේ FB සටහන පහතින් පළවේ. 

Screen Shot 2020 07 25 at 10.56.27 AMආත්මගරුත්වය නැතිකරනව ඉස්සෙල, ඒ කරල කටුකන්න තියාගෙන ඉන්නව 
අර රාජක්‍ෂලට කඩේ ගිය මාධ්‍යවේදිය සංජීව එදිරිමාන්න පව්. බැසිල් මිනිහගෙ කටවහල. බැසිල් කිව්ව: “එතුමා පක්‍ෂයේ ප්‍රකාශකය උනාට එතුමා ප්‍රකාශ කරනව ඇහිල නැහැනෙ ඔහෙලට කවදාවත්, එයාට දුන්නෙ, ගන්නකොට කිව්ව මගේ එකම ඉල්ලීම මෙච්චරයි, ඔයා පක්‍ෂයේ ප්‍රකාශකය වෙන්න හැබැයි ප්‍රකාශ කරන්න බැහැ. මොකද ප්‍රකාශ කරොත් අප්පෝපෝපෝ ඉවරයි. මොකක් හරි ලෙඩක්.” (ඔලුවෙ අත් දෙකම ගහගෙන කියන්නෙ)
මිනිහ මාධ්‍යවේදීකම දාල කලුතරින් ඡන්දෙත් ඉල්ලනව

රෙදි නැතිව කඩේ ගිය උන්ටත් මෙහෙම නම් අනිත් උන්ගෙ කටවල් කොහොම වහයිද බලය ලැබුණට පස්සෙ. 
මේ මෑන්ස්ගෙ ෆේස්බුක් කවර් ෆෝටෝ එක. මෙහෙම පශ්චාත් බාගෙ අල්ලන අයටත් පවුල සලකන්නෙ එහෙම තමා.
පීචං නේද මහත්තයෝ!
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)