Sunday, September 22, 2024

මාධ්‍ය නිදහස: ගෝඨාභය සමග ‘ත්‍රස්තය ආපසු ඇවිත්’

Must read

ජනමාධ්‍ය නිදහසට මහත් හතුරුකම් කරන රාජ්‍ය නායකයන් “මාධ්‍ය නිදහසේ නාශකයෝ” ලෙස නම් කරමින් ජාත්‍යන්තර ආයතනයකින් නිකුත් කර ඇති අලුත්ම ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාටද තැනක් ලැබී තිබේ.   පැරිසිය මුලස්ථාන කොටගත් දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ (RSF) විසින් මේ අවුරුද්ද සඳහා සම්පාදනය කරන ලද නාම ලේඛනයේ සිටින රාජ්‍ය නායකයන් 37 දෙනා අතරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද ඇතුලත් වී සිටී.   ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපති යටතේ ආරක්ෂක ලේකම් ලෙස සිටි සමයේ කරන ලද ක්‍රියා හෝ දැන් ජනාධිපති ලෙසින් කරගෙන යන කටයුතු නිසා හෝ බියවැදී සිටින ජනමාධ්‍ය වේදීන් “රැකියාව කරනවාද, නැතිනම් පන රැකගන්නවාද” යන භයංකර උභතෝකෝටිකයට මුහුණ දී සිටින බවට අනතුරු අඟවන RSF සංවිධානය දෙමළ හෝ මුස්ලිම් ජනතාව මුහුණපා සිටින තත්වය සම්බන්ධයෙන් වාර්තා කිරීම අනතුරුදායක ක්‍රියාවක් වී ඇති බව පවසයි.   “ඝාතනය කරන ලද වෘත්තීය සගයන් ගණනාවකගේ අවතාර සමග ජීවත් වන්නට ඔවුන්ට (මාධ්‍යවේදීන්ට) සිද්ධවී ඇති අතරම ගෝටාගේ එන පරිදි මාධ්‍යවේදීන්ට එරෙහිව කරන ලද ප්‍රචණ්ඩ අපරාධ සඳහා සලසා දී ඇති දණ්ඩ මුක්තිය එලෙසින්ම දිගටම පවතී,” යි RSF සංවිධානය කියා සිටී.    

gota predator

    “පවතින පසුබිම යටතේ, ශ්‍රී ලංකාවේ දෙමළ හෝ මුස්ලිම් හෝ සුළුතර ප්‍රජාවන්ගේ තත්වය වැනි සංවේදී කාරනා සම්බන්ධ ගවේශනාත්මක වාර්තාකරණය අතිශයින් අනතුරුදායක බව පෙනී යයි. ඒ අවදානම ගැනීමට පෙළඹෙන්නෝ අන්තරාය දෙකකට මුහුණ පා සිටිති. එකක් නෛතිකය. පොලිසිය වරෙන්තුවක් සමග ඔවුන් අත් අඩංගුවට ගැනීමට පැමිණීමට ඉඩ තිබේ. අනික ශාරීරිකය. ඔවුන්ට මරණ තර්ජනවලට ලක්වීමේ ඉඩකඩක් පවතින අතර ඒ ගැනපැමිණිලි කිරීමට උත්සාහ කළොත් පොලිසිය එය භාර ගැනීම ප්‍රතික්ෂේප කරනු ඇත. කවරාකාරයෙන් ගත්තත්, ත්‍රස්තය යලි පැමිණ ඇත,”   ජනමාධ්‍යවේදීන්ට ‘නරක’ රටක් ලෙස RSF විසින් ලෝක සිතියමේ රතු පාටින් ලකුණු කර ඇති ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් රටවල් 180ක් අතරින් සිටින්නේ 127 වැනි ස්ථානයේය.   

Freedom of press worldwide
cp predateurs last last

theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)