Saturday, September 21, 2024

මළවුන් සැමරූ දමිළ ජාතිකයන් 10 දෙනෙකු මාස 5 ක් තිස්සේ හිරේ …

Must read

යුද්ධයෙන් මළවුන් සැමරීම නිසා මාස පහකට ඉහතදී අත් අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් ඇතුළු දෙමළ දසදෙනකු තව දුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කොට තිබෙන බව දලිඩර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.
දොළොස්වැනි මුල්ලිවයික්කාල් සමරුව යෙදුනු 2021 මැයි 18 වැනිදා මඩකලපුවේ කිරාන් වෙරළ තීරයේ අනුස්මරණයක් පැවැත්වූ එම පිරිස කල්කුඩා පොලිසිය විසින් පසුදා අත් අඩංගුවට ගන්නා ලදී.  

රටේ පවතින වසංගත ව්‍යාප්තිය හේතුවෙන් සැකකරුවන් ඔක්තෝබර් 13 වැනි බදාදා අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩුව කැදවු විනිසුරු එම්.එච්.එම් ෆසීල් නියෝග කර ඇත්තේ සැකකරුවන්  ලබන 25  තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි.    

නිරෝධායන මාර්ගෝපදේශ අනුගමනය කරමින් මේ වසරේ මැයි 18 දා පැවති සමරුව නිමවා පැය කීපයක් ගිය පසු වෙරළබද ඉඩමේ හිමිකරුගේ පියා අත් අඩංගුවට ගන්නා ලද බව ප්‍රදේශයේ බිම් මට්ටමේ ක්‍රියාධාරීහු පවසති.    අනුස්මරණය පිළිබඳව තම පියා කිසිත් නොදන්නා බව පවසන ඉඩමේ හිමිකරු විමලසේනා ලවකුමාර් ඒ පිලිබඳ විමසීමට ගිය අවස්ථාවේ කල්කුඩා පොලිසිය ඔහු රඳවාගෙන තිබේ.  අනික් නම දෙනාද ඉන් අනතුරුව කැඳවා අත් අඩංගුවට ගන්නා ලද බව පළාත්බද ක්‍රියාධාරීහු පවසති.

යුද්ධයේදි මිය ගිය උන් සැමරිම මහින්ද රාජපක්ෂ පසුගිය පාලනය කාලය තුල ඉදිරිපත් කරන්නට යෙදුන දරුස්මාන් වාර්තාවේද සදහන් කොට තිබුණ එක් ප්‍රධාන නිර්දේශයකි.

ශිෂ්ට සම්පන්න සමාජයක මළවුන් සැමරිමට ජාති ආගම් හෝ වෙනත් කිසිදු භේදයක් නොතිබිය යුතුය.
එහෙත් වත්මන් පාලනය යටතේ උතුරේ මෙන්ම නැගෙනහිරද දමිළ ජනයා මළවුන් සැමරිමට ගිය අවස්ථාවලදි පොලිසිය විසින් විවිධ හිරහැර කිරිම් වලට එ අයව ලක්කිරිම සහ අත්අඩංගුවට ගැනිම් පවා සිදුකිරිම මානව හිමිකම් අගයන ලෝක සමාජයම දන්නා සත්‍යයක් බවට දැන් පත්ව තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)