Sunday, September 22, 2024

‘මහර සිදුවීම යට ගහන්න එපා’- විපක්ෂනායක : මරණ ගණන තවත් වැඩිවේ -රැඳවියන් වෙනත් ස්ථානයකට (වීඩියෝ)

Must read

messenger sharing button

( 12.10 pm ) මහර බන්ධනාගාරයේ ඊයේ (29) සවස් වරුවේ ඇරඹුණු කළහකාරී සිදුවීම හේතුවෙන් මේ වනවිට 8 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වේ. තුවාල ලැබූ 43 දෙනෙක් පමණ ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.   මහර බන්ධනාගාරය තුළ ඇතිවූ සිදුවීම පාලනයට ඊයේ (29) රාත්‍රීයේ පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා තිබිණ.   එසේම මේ වන විට බන්ධනාගාරය තුළට කැරලි මර්ධන ඒකකය කැඳවා ඇත.   ඊට අමතරව කොයදෙනියාව, මොරටුමුල්ල, අගුරුවාකර, රාගම සහ කැණිය ඇතුළු පොලිස් ස්ථාන 5 කින් පොලිස් ඒකක කැඳවා තිබේ.   බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසුවේ තත්ත්වය බොහෝ දුරට මේ වනවිට පාලනය කර ඇති බවය.

1 6 1024x576

සේයා-news19.lk   මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ව බන්ධනාගාර බස් රථයකින් බන්ධනාගාරයෙන් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇත.   එම අවස්ථාවේදී මර බන්ධනාගාර අසළ මාර්ගය දෙපස රැඳි සිටින රැඳවියන්ගේ ඥාතීන් හඬා වැටෙමින් තමන්ගේ පවුලේ අයගේ ජීවිත බේරාදෙන ලෙස ඉල්ලමින් හඩා වැටී ඇති බව News19 වාර්තාකර තිබේ.   මහර බන්ධනාගාරය තුළින් අද (30 ) උදෑසන  7.53ට හා  8.22 ට වෙඩි ශබ්ද ඇසුණු බව වාර්තා වේ.   මහර බන්ධනාගාරය ඇතුළත නිරීක්ෂණය කිරීම සදහා ඩ්‍රෝන කැමරා උපායෝගී කරගනිමින් සිටින බව News19 වාර්තා කර තිබේ.   මහර බන්ධනාගාරට තුළ නොවැම්බර් 30 වන දින ඇති වු නොසන්සුන්තාව හේතුවෙන් බන්ධනාගාරයේ රැඳවියන් 50 කට ආසන්න පිරිසක් පැනගිය බවට තොරතුරු ලැබී ඇතැයි ද News19  වැඩිදුරටත් වාර්තා කර ඇත.    ”මහර සිදුවීම යට ගහන්න එපා. ඒ ගැන වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් ඕනෑ” – විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේ දී අවධාරණය කරයි.   මේ අතර අද (30) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුයේ, මහර බන්ධනාගාරයේ සිදුවීමෙන් රැදවියන් 8 දෙනෙක් මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් මේ සිදුවීම පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයා හරහා කරනු ලබන පරීක්ෂණයක් පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි බවත් ය.    පිටත සිටියත් ඇතුලත සිටියත් බන්ධනාගාරයේ  සිටියත් පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වගකීමක් බව පැවසූ විපක්ෂ නායකයා, බන්ධනාගාරයේ කොරෝනා පොකුරක් නිර්මාණය වනතුරු ආණ්ඩුව නොසැලකිලිමත් වීම පිළිබඳව සිය අප්‍රසාදය පල කළේය.   මහර බන්ධනාගාරයේ සිදුවීම පිළිබඳව අපක්ෂපාතී, විශ්වාසනීය පරීක්ෂණයක් වහාම පැවැත්විය යුතු බවද ඒ ඔහු අවධාරණය කළේය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)