Sunday, September 22, 2024

මහර සමුලඝාතනයේ සිරුරු පිළිස්සීමේ වෑයම උසාවි නියෝගයෙන් වැලැක්වේ

Must read

messenger sharing button

මහර බන්ධනාගාරයේ සමුල ඝාතනයෙන් මිය ගිය රැඳවියන් එකොලොස් දෙනාගේ සිරුරු පුළුස්සා දැමීමට රජය ගත් උත්සාහය අධිකරණ නියෝගයෙන් නතර වී තිබේ.   ඒ, සිරකරුවන් මරණයට ගොදුරු වූයේ වෙඩි තැබීමෙන් බව කලින් අධිකරණයට දැනුම් දී තිබු නීතිපති දෙපාර්තමේන්තුවම ඔවුන්ගේ මෘත දේහ කෝවිඩ් ආසාදිත බැවින් ඒවා ආදාහනය කළ යුතු බවට ඉදිරිපත් කළ  කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කරමින් වැලිසර මහේස්ත්‍රාත් වරයා දෙසැම්බර් 9 දා දුන් තීන්දුව හමුවේය.  

වෙඩි තබා ඝාතනය කරන ලද රැඳවියන් 11 දෙනාගේ මළ සිරුරු අපරාධයට අදාළ ප්‍රධාන සාක්ෂි බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මීට ඉහතදී නිර්දේශ කර තිබුනේ වෝහාරික සහ පශ්චාත් මරණ පරීක්ෂණ හමාරවන තුරු සිරුරු විනාශ නොකරන ලෙසයි.   එම මළ සිරුරු භූමදානය කරන්නේද ආදහනය කරන්නේද යන්න පිළිබඳව තීන්දුවක් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙනතුරු ලබාදිය නොහැකි බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළ මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඒ සම්බන්ධව පත් කළ පංච පුද්ගල කමිටුවට නියෝග කර තිබේ.

  එම මළ සිරුරු භූමදානය කරන්නේද ආදහනය කරන්නේද යන්න පිළිබඳව තීන්දුවක් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙනතුරු ලබාදිය නොහැකි බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළ මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඒ සම්බන්ධව පත් කළ පංච පුද්ගල කමිටුවට නියෝග කර තිබේ.

වෙඩි තිබ්බේ කවුද?

Mahara cvm.xc

  බන්ධනාගාර කාර්ය මණ්ඩල සාමාජිකයකු මෙන්ම දිවි බේරා ගත් රැඳවියකුද උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) වාර්තා කර තිබුනේ වෙඩි තබන ලද්දේ බන්ධනාගාර නිලධාරීන් බවයි.   ”අපිට වෙඩි තිබ්බේ වෙන කවුරුත් නෙමෙයි ජේලර් මහත්තුරු. වෙඩි තියන්න කලින් සිරකරුවන්ගේ අතපය කැඩෙන්න ගැහුවා. පස්සේ කටිටිය ඇවිස්සුනාම වෙඩි තිබ්බා. පණ බේරගෙන දුවන අයටත් වෙඩි තිබ්බා. අනෙක හැම සිරකරුවෙක්ම හිර කූඩූවලින් එළියට ආවේ නෑ. එහෙම ආවා කියන ඒක බොරුවක්,” යැයි රැඳවියා JDS මාධ්‍යවේදී කිත්සිරි විජේසිංහ හා පවසා තිබුණි.  

Senaka Perera x

මියගිය සිරකාර මනුෂ්‍යයන්ගේ හිමිකම් වෙනුවෙන් උසාවියේත් ඉන් පිටතත් දිගටම මැදිහත් වීම් කළ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා විසින් දෙසැම්බර් 4 වැනිදා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකරමින් ඉල්ලා තිබුණේ මරා දැමුණු රැඳවියන්ගෙගේ සිරුරුවල පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු නොකොට පුලුස්සා දැමීමට ගන්නා උත්සාහය වළකන ලෙස යි.   එයට අදාල නඩුව දෙසැම්බර් 9 බදාදා කැදවා තිබුනි.    

ඥාතීන් වෙනුවෙන් JMO කෙනෙක්  

මරණ පරීක්ෂණ සිදු කරන අවස්ථාවේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකු ඉදිරිපත් කිරීමට කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දැක්වු මහේස්ත්‍රාත්වරයා ඒ සදහා අධිකරණ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සාමාජිකා ආචාර්ය ජීන් පෙරේරා පත් කළ බව නීතිඥ සේනක පෙරේරා මාධ්‍යවේදීන් හා කියා සිටියේය.   එකොළොස් දෙනකුට මරු කැඳවූ මහර බන්ධනාගාරයේ සමූහ ඝාතනය වෙඩි තැබීම නිසා සිදුවූවක් බව රහස් පොලිස් පරීක්ෂණ වාර්තා උපුටා දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඊයේ පළමු වතාවට අධිකරණය හමුවේ හෙළි කොට තිබුණි.   Nishara Jayarathneනීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න දෙසැම්බර් 8 අගහරුවාදා මෙන්ම 9 බදාදා දිනයේදීත්  අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා ඇත්තේ මිය ගිය රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ රජයේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් හා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගිනි අවි පිළිබඳ විශේෂඥයකුගෙන් සමන්විත බහුවිධ විද්වත් මණ්ඩලයක් මගින් සිදුකිරීමට අවසර දෙන ලෙසයි.   මේ වන විට මෘත ශරීර 04ක් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා තිබුණද යළි විශේෂඥ මණ්ඩලය මගින් මුල සිට පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළ යුතු බවට නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටි බව මාධ්‍ය වාර්තා කර තිබේ.  

මේ වන විට මෘත ශරීර 04ක් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා තිබුණද යළි විශේෂඥ මණ්ඩලය මගින් මුල සිට පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළ යුතු බවට නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටි බව මාධ්‍ය වාර්තා කර තිබේ.

  මියගිය රැඳවියන්ට කොවිඩ් ආසාදනය වී ඇති බැවින් දේහයන් රාගම රෝහලේ සිට අයි.ඩී.එච්. රෝහල වෙත ප්‍රවාහනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බවද එහිදී රජයේ අධිනීතිඥවරිය අධිකරණයට දැනුම් දී තිබේ.   බන්ධනාගාරයේ ගොඩනැගිලි රැසකට කෝටි ගණනක අලාභයක් සිදුව ඇති බැවින් ඉදිරි විමර්ශන කටයුතු සඳහා එම දේපළ හානිය සම්බන්ධයෙන් රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ වාර්තාව ලබාගැනීම සදහා හෙට සිට ස්ථානීය පරීක්ෂණ සිදුකිරීමට අවසර දෙන ලෙසද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය අධිකරණයෙන් කළ ඉල්ලීමටද මහේස්ත්‍රාත්වරයා රාගල අවසර ලබාදී තිබේ.   මෙම නඩුව ලබන 16 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)