Sunday, September 22, 2024

මහර මැර ප්‍රහාරයෙන් පසු “මගේ මහත්තයා කෝ” දෙදරු මවක් අසයි

Must read

linkedin sharing button

( 12.45 pm ) සිරකාර මනුෂ්‍යයන් එකොලොස් දෙනෙකුට දිවි අහිමි කරමින් සියයට අධික පිරිසක් තුවාල ලැබු  මහර  බන්ධනාගාරයේ රඳවා සිටි  සිය සැමියා සම්බන්ධ කිසිදු තොරතුරක් ගැටුමින් පසුව දැනගන්නට නොමැති වීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිනිල්ලක් කර තිබේ.  

 දෙසැම්බර් 4 සිකුරාදා පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව දෙදරු මාතාවක් මාධ්‍ය වෙත කියා සිටියේ සිය සැමියා සම්බන්ධයෙන් මහර බන්ධනාගාරයෙන් විමසුවද ඔවුන් කිසිවක් නොපවසන බවයි.   “මගේ මහත්තයා නෑ. මහර බන්ධනාගාරයට ගියා එහෙන් මුකුත් කියන්නෙත් නෑ. දැන් දවස් ගාණක් මං කියන්නේ මගේ මහත්තයා හොයලා දෙන්න කියලා. මොකක්ද වෙලා තියෙන්නේ කියලා කියන්න කියලා තමයි මම අහන්නේ. ”   මහර බන්ධනාගාරයේ ගැටුම හටගත් නොවැම්බර් 29 රාත්‍රියේ සිට මේ දක්වා සිය සැමියා සම්බන්ධයෙන් විමසා සිටියත්  කිසිදු තොරතුරක් නොමැති බව ඇය වැඩි දුරටත් විවිධ ප්‍රශ්න ඇසු මාධ්‍යවීදීන් හා කියා සිටියාය.

  ”මහර බන්ධනාගාරයේ ගැටුම හටගත් නොවැම්බර් 29 රාත්‍රියේ සිට මේ දක්වා සිය සැමියා සම්බන්ධයෙන් විමසා සිටියත්  කිසිදු තොරතුරක් නොමැති බව ඇය වැඩි දුරටත් විවිධ ප්‍රශ්න ඇසු මාධ්‍යවීදීන් හා කියා සිටියාය.”   ගැටුමෙන් තුවාල ලබා රෝහල් ගත කළ රැදවියන්ගේ නාම ලේඛනය පරීක්ෂා කළද එහි තම සැමියාගේ නම සදහන්ව නොතිබුන බව පවසන ඇය එහිදී තව දුරටත් කියා සිටියේ ඔහු වැලිකඩ  බන්ධනාගාරයට රැගෙන ගිය බවට ආරන්චි ලැබුනත් ඒ සම්බන්ධයෙන් නිශ්විත තොරතුරු නොමැති බවයි.

  “අපිටත් ආරංචි වෙලා තියනවා වැලිකඩ බන්ධනාගාරයට ගෙනියලා කියලා. ඉතින් අපි අහන්නේ එහේ ඉන්නවද කොහේ ඉන්නවද මොනවද කරලා තියෙන්නේ මැරිලද තුවාද වෙලාද කියලයි අපි අහන්නේ. මන් අහන්නේ කාගෙන් හරි කමක් නැහැ මගේ මහත්තයව හොයලා දෙන්නයි කියලා”     තවමත් බන්ධනාගාරය ඉදිරිපිට   මේ අතර දෙසැම්බර් 5 සෙනසුරාදා දිනයේත්   මහර බන්ධනාගාරය ඉදිරිපිටට රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයන් එක්ව සිටි බව වාර්තාකරුවෝ පවසති.   ඒ  මහර බන්ධනාගාරයේ හටගත් ගැටුමෙන් පසු තවමත් තොරතුරක් හෙළිවී නැති සිය සමීපතමයන්ට අත් වු ඉරණම සොයා ගැනීම වෙනුවෙනි.  

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ මහර බන්ධනාගාරයේ කළහකාරී සිද්ධියෙන් මියගිය රැඳවියන් 11 දෙනාගෙන් 9 දෙනෙකුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වු බවයි.   මේ වන තෙක් අනන්‍යතාවය තහවුරු කර ගෙන ඇත්තේ ගැටුමෙන් මිය ගිය රැඳවියන්  දෙදෙනකු සම්බන්ධයෙනි පමණි.  

මේ වන තෙක් අනන්‍යතාවය තහවුරු කර ගෙන ඇත්තේ ගැටුමෙන් මිය ගිය රැඳවියන්  දෙදෙනකු සම්බන්ධයෙනි පමණි.   මියගිය අය අතරින්  අලංකාර දේවගේ අජිත් හා සම්පත් කුමාර සුබසිංහ යන  දෙදෙනාගේ නම් පමණක් බලධාරීන් හෙලිකර ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පවසයි. 
theleader.lk 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)