Saturday, September 21, 2024

මංගල, සංහිඳියාව සඳහා රන් සම්මානයෙන් පිදුම් ලබයි

Must read

දිවංගත මංගල සමරවීර මහතා සංහිඳියාව සඳහා කැපවූ රාජ්‍යතාන්ත්‍රිකයෙකු සඳහා Institute of Politics ආයතනය විසින්

ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන ‘සංහිඳියාවේ රන් සම්මානයෙන්’ පිදුම් ලැබිය.

2022 ජනවාරි 15 වන දින කොළඹ 07 ශ්‍රීලංකා පදනම් ආයතනයේදී පවත්වන ලද එම ආයතනයේ වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේදී මෙම සුවිශේෂී ඇගයීම සිදු කරන ලදී.

Institute of Politics ආයතනය දේශපාලනය, ආණ්ඩුකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව හදාරණ පිරිස් සඳහා පාඨමාලා පවත්වන වෘත්තීමය ආයතනයකි.

එම ආයතනය විසින් දේශපාලනය තුළ සිටින පිරිස් හි වෘත්තීය භාවිතාවන් ආචාරධාර්මික කිරීම සඳහාත් ඔවුන්ගේ දැනුම කුසලතා හා ආකල්ප ප්‍රවර්ධනය සඳහාත් විවිධ වැඩසටහන් පවත්වනු ලබයි.

එමෙන්ම දේශපාලන ක්‍රියාධරයන්ගේ කාර්යක්ෂමතාව සහ  ඔවුන්ගේ ක්‍රියාදාමයන් හි ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් ඇගයීම ද මෙම ආයතනය විසින් සිදු කරනු ලබයි.

එම ආයතනයේ ප්‍රමුඛ අරමුණ වෘත්තීමය වශයෙන් ආචාරධාර්මික භාවය රැකගෙන දේශපාලනය කරන නූතන පරම්පරාවක් ගොඩනැගීම බව එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ සංජීව විමලගුණරත්න ප්‍රකාශ කර සිටී.

එම ආයතනයේ 2021/2022 ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේදී හිටපු අමාත්‍ය මංගල සමරවීර අගයමින් ඔහු විසින් ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා ගන්නා ලද අප්‍රතිහත නිර්ව්‍යාජ කැපකිරීම ලංකාවේ අනාගත දේශපාලන පරම්පරාවන්ට ආදර්ශයක් බව සංජීව විමලගුණරත්න මෙම උත්සව සභාව අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී. 

 
Institute of Politics ආයතනයේ මෙම වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේ දී ආණ්ඩුකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාව හැදැරූ ඩිප්ලෝමාධාරීන් 50 දෙනෙකු ඩිප්ලෝමා ලබාගත් හ.

මෙහිදී දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් අතුරින් වඩාත් කාර්‍යෂමව පාර්ලිමේන්තු ක්‍රියාදාමයට සම්බන්ධවන මන්ත්‍රීවරුන් ඇගයීමක් ද සිදු විය.

එහිදී වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය අගයමින් කාන්තා දේශපාලන පීඨය විසින් පිරිනමන විශේෂ සම්මානය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය සහ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය වෙත පිරිනමන ලදී.

Institute of Politics ආයතනය විසින් පිරිනමන වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ට හිමි සම්මානය අලි ශබ්‍රි අමාත්‍යවරයාට ද වසරේ තරුණ මන්ත්‍රීවරයා ට හිමි සම්මානය ශානකියන් රාසමානික්කම් මන්ත්‍රීවරයාට ද පිරිනමන ලදී.



ප්‍රජාතන්ත්‍රවාදයේ රන් සම්මානය කරු ජයසූරියට

මෙහිදී ජීවිතයේ එක් වතාවක් පමණක් institute of Politics ආයතනය ජ්‍යේෂ්ඨ දේශපාලන නායකයකුට පිරිනමන ප්‍රජාතන්ත්‍රවාදයේ රන් සම්මානය දේශබන්දු කරු ජයසූරිය වෙත පිරිනමන ලදී.


දේශපාලනය පිළිබඳව වෘත්තීයමය වශයෙන් හදාරන්නට උනන්දු සියලු දෙනාට institute of Politics ආයතනය විවෘත බව මෙහිදී එම ආයතනයේ සභාපති මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා අවධාරණය කරන ලදී.

theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)