මංගල ජීවත් විය යුතුය.
සියළු මිනිසුන් ජීවත් විය යුතුය.
සියළු මිනිසුන් ගේ ජීවිතය අමිලය.
ඒ සියලු මිනිසුන් වෙනුවෙන් වගකීමක් සියලු රජයන්ට ඇත.
චන්දය දුන් නොදුන් සියළු මිනිසුන් ආරක්ෂා කරන බවට රාජ්‍ය නායකයින් පොරොන්දු දෙන්නේ ඒ නිසාය.
කාබුල් නුවර ඇමෙරිකන් ගුවන් තට්ටේ එල්ලුන ඇෆ්ගන් කාරයාගේ පවා ජීවිතය වෙනුවෙන් අප සැමටම වගකීමක් ඇත.
අප දේශපාලනය කරනවා කියන්නේ ඒ නිසාය.
ඒ ජීවිත වෙනුවෙනි.
ලෝකය වඩා හොඳ තැනක් කිරීම වෙනුවෙනි.
ඒ වගේම මිනිසුන් තම ජීවිතය කැපකර දේශපාලන කරයි.
ඒ අනෙක් අයගේ ජීවිත වෙනුවෙනි.
අනෙකාගේ ජීවිතය වෙනුවෙනි.
නිදහස වෙනුවෙනි.
ඇමෙරිකන් ගුවන් යානා තට්ටේ එල්ලුණ මිනිසා පවා සොයන්නට ඇත්තේ නිදහස විය යුතුය.
පණ එපා කියා තට්ටේ එල්ලෙන්නට ඇත්තේ ඒ නිසා විය යුතුය.
ඇමෙරිකන් කාරයන් විසින් ම තලේබාන්කරණය කල ඇෆ්ගනිස්තානය අද ඇෆ්ගන් වැසියන් තමන්ගේ ගුවන් හමුදා ගුවන් යානයේ තට්ටේ එල්ලා ඇත.
මංගල බටහිර නිදහස අගය කළ කෙනෙක් ලෙස ප්‍රකටය.
නමුත් අද බටහිර අප අත් හරිමින් ඇත. ඔවුන් පසු බසිමින් ඇත.
අද අපට එල්ලෙන්නට තට්ටක් නැත.
වැලේ වැල් නැත. ජිවිතයද ෂුවර් නැත.
නැවත අපට එල්ලෙන්නට ඇමෙරිකන් තට්ටක් එන්නේ ද නැත.
ඒ ෆැන්ටසිය අප අවසන් කළ යුතුව ඇත.
මංගල…ඔබේ සුව දුක් බැලීමටවත් ඇමෙරිකන් කාරයෙක් එයිදැයි සැක සහිතය.
දැන් අපේ හිසට අප අත පමණය.
එයද අන් කිසිදා නොතිබූ රැඩිකල් තත්වයකි.
ඇත්තටම අවශ්‍ය නම් දැන් මෙතැනින් පටන් ගත හැක.
හිස් අවකාශයක් යනු නරකම දෙයක් නොවේය.
ඒ හිස් බව රැඩිකල් හිස් බවකි. පුරවා දැමිය යුතු හිස් බවකි.
ඇෆ්ගන් වැසියන් බටහිර ලිබරල් අත්දැකීම වෙනුවට මරණය (ජීවිත පරිත්‍යාගය – martyrdom) තෝරා ගනිමින් ඇත.
එයද අප අවධානයට ලක්කළ යුතු තත්වයකි.
ඉරානයේ සිදුවූ විප්ලවය ම ඇෆ්ගනිස්තානයේ සිදුවූ බව ජිජැක් කියා සිටින මුත් ඒ ගැන යමක් කීමට තව කල් වැඩිය…
නමුත් මෙතැන් සිට එකමුතු වුණොත් නම් යමක් ගැන සිතිය හැකිය.
අලුතෙන් පටන් ගමු.
සුවපත් වෙන්න.
(මහේෂ් හපුගොඩ ) සමාජ හා දේශපාලන විශ්ලේෂක (Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්…)