Sunday, September 22, 2024

බුකිය පුරා පැතිරෙන කොරෝනා ගොඩවෙදකම් වලින් පරිස්සම් වන්න …

Must read

-මේ වන විට කොරෝනා රෝගය සුව කිරීම සඳහා යැයි ඉදිරිපත්ව තිබෙන දේශීය ඖෂධ සම්බන්ධයෙන් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය,ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කඩිනමින් නිසි නියාමනයක්,අධික්ෂණයක් කළ යුතු බව ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය අවධාරණය කර ඇති බැව් citizen .lk වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

එම සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රසාද් හෙන්දාවිතාරණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ නව ඖෂධයක් නම් අනිවාර්යයෙන්ම රසායනාගාර පරීක්ෂාවක්,සත්ව පරීක්ෂාවක් සහ නිරෝගී වැඩිහිටියෙකුට ලබා දී එම පරීක්ෂාවෙන් පසු  ලැබෙන නිර්දේශ මත රෝගීන්ට ලබා දීම සිදුකළ යුතු බවයි.
සාදික්කා යොදාගෙන කරන ලද සත්ව පරීක්ෂණයේදී තහවුරු වී තිබෙන්නේ අධි මාත්‍රාවක් භාවිතා වුවහොත් එය විෂ සහිත තත්ත්වයක් ඇති වන බව යැයි ද හෙන්දාවිතාරණ මහතා කියා සිටි
එම නිසා එවැනි ඖෂධ හිතුමනාපයට නොගන්නා ලෙසත් අධි මාත්‍රාව ශරිරියට අනිවාර්යයෙන්ම අහිතකර බවයි ඔහු අවධාරණය කර ඇත
එමෙන්ම ඇතැමුන් මෙම ඖෂධ නිවසේදී සාදාගන්නා ආකාරය ගැන සමාජ මාධ්‍ය හරහා විමසා තිබුණ අතර නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව සදා සෞඛ්‍ය ගැටළුවක් මතු වුවහොත් එහි වගකීමද එය භාවිත කළ අය විසින්ම ගත යුතු බවද හෙන්දාවිතාරණ මහතා සඳහන් කර තිබේ.
මුලාශ්‍රය – citizen .lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)